අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- කොකෝවා පවුඩර් කෝප්ප 1/2
- බේකින් සෝඩා තේ හැඳි 1
- රතු සීනි කෝප්ප 1
- කිරි කෝප්ප 1
- එළවළු තෙල් මේස හැඳි 3
- නෙස්කැෆෙ තේ හැඳි 1
- රස අනුව ලුණු
- දෙහි යුෂ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
නෙස්කැෆෙවලට උණු වතුර මේස හැඳි 1 ක් දාල දිය කරගන්න. අවන් එක සෙල්සියස් අංශක 180 ට ප්‍රීහීට් කරගන්න. බේකින් ට්්ර එකට බටර් ගාලා රෙඩි කරගන්න. භාජනයකට බටර් ස්වල්පයක් දාලා රත් කරගන්න.
බටර් දියවූ පසු තෙල් ස්වල්පයක් එකතු කර කිරි, සාදාගත් නෙස්කැෆේ, දෙහි යුෂ, සීනි හා ලුණු දමා හොඳට විස්ක් කරගෙන ළිපෙන් බාගන්න. පාන්පිටිවලට බේකින් පවුඩර් සහ කොකෝවා පවුඩර් දාලා තුන් පාරක් හලාගන්න. දැන් මේක බැටර් එකට දාලා කලවම් කරගන්න. බේකින් ටේ්ර එකට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.