අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 3
- සීනි කෝප්ප 1/2
- වැනිලා ස්වල්පයක්
- ජෙලටින් ග්‍රෑම් 15
කැරමල් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි මේස හැඳි 5
- වතුර මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
පෑන් එක ළිප තබා රත්වූ පසු සීනි ටික එකතු කරගන්න. මද වේලාවකට පසුව වතුර ස්වල්පයක් දමා කලවම් කර කැරමල් එක හදාගන්න. බේකින් ටේ්ර එකකට මේ කැරමල් එක දාලා කරකවන්න. ජෙලටින්වලට උණුවතුර ස්වල්පයක් දමා පෙඟෙන්න හරින්න.
වෙනම භාජනයකට කිරි ටික දාලා රත් කරගන්න. මේකට ෆ්‍රෙශ් ක්‍රීම් හා වැනිලා දාගන්න. මද වේලාවකට පස්ව ජෙලටින් එකතු කරගන්න. මිශ්‍රණය උකු වූ පසු ලෑස්ති කරගත්ත ට්‍රේ එකට මිශ්‍රණය දමා ෆොයිල් කොලයකින් වහලා විනාඩි 45 ක් ස්ටීම් කරගන්න.