කොෆී සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කොකෝවා පවුඩර් මේස හැඳි 3
- බටර් මේස හැඳි 2
- වතුර කෝප්ප 1/4
- කිරි කෝප්ප 1/4
- මිල්ක්මේඩ් කෝප්ප 1/4
- කජු ස්වල්පයක්
කොෆී කප්ස්වලට අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1/2
- මිල්ක්මේඩ් කෝප්ප 3/4
- වතුර කෝප්ප 2
- නෙස්කැෆෙ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
කොෆි කප්ස් හදාගන්න භාජනයට මිල්ක්මේඩ්, නෙස්කැෆෙ, වතුර හා රුලං එකතු කර ළිප තියා හැඳිගාගන්න. මිශ්‍රණය බුබුළු දානකොට ළිපෙන් ඉවත් කර බටර් ගාගත් මෝල්ඩ්වලට දාගන්න.
කොෆී සෝස් එක හදන්න භාජනයකට වතුර, කිරි හා කොකෝවා පවුඩර් දාලා හැඳිගාන්න. ටිකකින් මිල්ක්මේඩ් සහ බටර් එකතු කර උකු සෝස් එකක් හදාගන්න. දැන් මෝල්ඩ්වලින් කොෆී කප්ස් අයින් කරලා උඩින් කොෆී සෝස් එක දාලා චොප්කරගත් කජු ටිකක් ඉසගන්න.