බල්ලා මිනිසාගේ හිතෛෂී සත්ත්වයෙකු වුණත් සපාකෑම නිසා ඇති විය හැකි අනතුර ඉතා දරුණු බැව් අප දන්නවා. නිවසේ සාමාජිකයෙකු ලෙසින් හැදෙන වැඩෙන සුනඛයා වුණත් සපා කෑම නිසා ජීවිතයට පවා අනතුරක් වීමට ඉඩ තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වසරකට පුද්ගලයන් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් ජලභීතිකා රෝගය නිසා මරණයට පත් වන අතර එසේ මිය යන රෝගීන්ගෙන් 99% ක්ම සුනඛ සපාකෑම් සහ සීරීම් නිසා සිදු වෙන බැව් වාර්තා වෙනවා.
ජලභීතිකා එන්නත් ලබා දුන්නත් ආරක්ෂාවක් නැති වෙන අවස්ථා…
පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂාවීමට එන්නත් ලබාගැනීම අනිවාර්ය බැව් අප දන්නවා. එහෙත් යම් පුද්ගලයෙකුගේ මුහුණ හෝ ස්නායුවකට ආසන්නව හපා කෑමක් සිදු වුණොත් ජලභීතිකාවට එරෙහි එන්නත ලබා සිටියත් ඵලදායී
නොවන්නට ඉඩ තිබෙනවා.
ඉන්දියාවේ අරක්කෝරම් නගරයේ ජීවත්වුන නිර්මාල් සිව් හැවිරිදි දරුවෙක්. ඔහු තමන්ගේ නිවසේ එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී අයාලේ යන සුනඛයෙකුගේ හපා කෑමට ලක් වුණා. මව්පියන් විසින් දරුවා හැකි ඉක්මනින් රෝහල්ගත කළ අතර දින 15 ක් දැඩි සත්කාර ඒකක්යේ ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණියා. නමුත් වැඩි දිනක් ගෙවෙන්නට මත්තෙන් දරුවා ජලභීතිකා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගත්තා. දින දෙකකින් පසු නිර්මාල් මරණයට පත් වුණා.
1994 සිට 2015 අතර කාලයේදී මුම්බායි නගරයේ මිලියන 1. 3 ක් සුනඛයින්ගේ සපාකෑම්වලට ලක් වුණ අතර එයින් 434 දෙනෙක් මිය ගොස් තිබෙනවා. බොහෝ දරුවන් තමා බල්ලෙක් විසින් සපා කෑ බව මව්පියන්ට කියන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ජලභීතිකා එන්නත ලබාදීම ප්‍රමාද වීමත් මෙවැනි අවාසනාවන්ත මරණවලට හේතුවක් වී තිබෙනවා.
අයාලේ යන සුනඛයන්…
තුර්කියේ ජාත්‍යන්තර පශූ වෛද්‍ය සංගමය ඇස්තමේන්තු කර ඇති අන්දමට එරට අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව මිලියන 6. 5 ක්. මේ නිසා අයාලේ යන සුනඛයින් සුනඛ රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ප්‍රාදේශීය ආයතන වෙත නියෝග කර තිබෙනවා. එය නීතිගත පනතක් ලෙසින් දැන් නගරාධිපතිවරුන් වෙත යොමු කර අවසානයි.
2004 වසරේ සිට මහ නගර සභා විසින් අයාලේ යන සුනඛයන් අල්ලා ගෙන විත් ඔවුන් එන්නත් කර සහ වන්ධ්‍යාකරණයට පත්කොට නැවත ඔවුන් රැගෙන ආ විථියටම නිදහස් කළත් එය ඵලදායක නොවන බැව් දැන් පෙනී ගොස් තිබෙනවා.
සුනඛ ගහණය පාලනය කිරීමට නම් අයාලේ යන සුනඛයන්ගෙන් 70% ක් වන්ධ්‍යාකරණයට පත් කළ යුතු බැව් දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා නව නීතිය අනුව අයාලේ යන සුනඛයන් වෙනුවෙන් රැඳවුම් මධ්‍යස්ථාන ඇති කොට ඔවුන් හදා වඩා ගැනීම මිය යන තුරුම සිදු කළ යුතු බව සත්වවේදීන්ගේ අදහසයි.
වියදම අධිකයි
නමුත් සතුන් ආරක්ෂා කිරීමේ සම්මේලනය සඳහන් කරන අන්දමට මෙම ක්‍රමය වියදම් අධිකයි. ඒ වගේම විශාල එළිමහන් කඳවුරු යනු ශක්තිමත් සතුන් විසින් දුබලයා යට කරමින් ආහාර ලබා ගැනීම, සත්ත්ව රෝග පැතිරීම වේගවත් වීමට හේතුවක් විය හැකියි. ICAM අධ්‍යක්ෂ ආචාර්ය එලි හිබිසි සඳහන් කරන අන්දමට මෙය මිළ අධික ක්‍රමයක් පමණක් නොව රැඳවුම් මධ්‍යස්ථාන ඉතා වේගයෙන් පිරෙන්නට පටන් ගැනීමක්.
ඒ නිසා මෙම සුනඛයන් කුඩා කලෙය්දීම වන්ද්‍යාකරණයට පත් කිරීම වඩාත් වඩාත් සුදුසු ක්‍රමය බැව් ආචාර්ය එලි හිබිසි සඳහන් කරනවා. මේ අන්දමින් වන්ධ්‍යාකරණය නිසා ඔවුන්ගේ ප්‍රජනන හැකියාව නැති වෙන නිසා අයාලේ යන සත්ව ගහණය පාලනය වෙනවා.
සාමාන්‍යයෙන් අයාලේ යන සුනඛයෙකු විසින් වසරකට පැටවුන් 20 ක් පමණ බිහි කරනවා. ඒ නිසා ගහණය පාලනය වීමක් සිදු වන්නේ නැහැ. සමහර රටවල අයාලේ යන සුනඛයින් වෙඩි තබා මරා දැමීමක් සිදු කළත් එය සත්වවේදීන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබෙනවා. එය සතෙකුගේ ජීවත්වීමට ඇති අයිතිය විනාශ කිරීමක් බැව් ඔවුන් පෙන්වා දෙනවා.
දරුවන්ගේ මානසිකත්වයට බලපානවා…
කුඩා දරුවන් සුරතල් සතුන් ලෙසින් බල්ලන්, බළලුන් වැනි සතුන් ඇති කරන බැව් අපි දනන්වා. ඔවුන් එවැනි ඇති දැඩි කිරීමකින් අහිංසක විනෝදයක් ලබනවා වගේම තවත් කෙනෙකුට දයාව, ආදරය දැක්වීම ඉගෙන ගන්නවා. එහෙත් අයාලේ යන මුවාවෙන් සතුන්ට වෙඩි තැබීම දකින දරුවන්ගේ සත්ව සංවේදනය අඩු වෙන අතර ඔවුන් වැඩිහිටියන් වු විටත් සතුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයට නිරාවරනය වෙන බැව් එංගලන්තයේ හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ඩෙබී විල්සන් සඳහන් කරනවා. සතුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමෙන් දරුවන් සුරක්ෂිත කළ යුතු බැව් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේද සඳහන් වෙනවා.
වඩා සාර්ථක කුමක්ද…?
බොස්නියා, තායිලන්තය සහ හර්සගෝවිනා යන රටවල් විසින් සුනඛයන් එක්රැස් කිරීම, වන්ධ්‍යාකරණයට පත් කිරීම, එන්නත් කිරීම සහ නැවත මුදා හැරීම යන ක්‍රම භාවිත කරමින් අයාලේ යන සුනඛ ගහණය සීමා කර ගෙන තිබෙනවා. බොස්නියාවේ Dogs Trust Worldwide Foundation සංවිධානය විසින් සුනඛයන් එක්රැස් කිරීම, වන්ධ්‍යාකරණය, එන්නත්කරණය සහ ආපසු මුදා හැරීම යන ක්‍රමෝපායන් භාවිත කරමින් අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව අඩු කර ගැනීමට සමත් වී තිබෙනවා. මෙම
සංවිධානය මගින් ඉදිරිපත් කරන දත්ත අනුව 2012 සහ 2013 අතර කාලයේදී සරජෝහි අයාලේ යන සුනඛ ගහණය 85% කින් අඩු වී තිබෙනවා. සමස්ත ගහණය තව දුරටත් අඩු කර ගැනීමට නම් පශු වෛද්‍යවරුන් පුහුණු කිරීම තව දුරත් වැඩි කළ යුතු බැව් මෙම ආයතනය විසින් සඳහන් කර තිබෙනවා.
අයිතිකරුවන් සතුටු නැහැ..
ඇතැම් සුනඛ අයිතිකරුවන් විසින් තමාගේ සුරතලා වන්ධ්‍යාකරණයට අකමැති වුණත්, ඔවුන්ගේ සතුන් බෝ කරන පැටවුන් නගරයේ වීතිවල දමා යන බැව් ප්‍රසිද්ධ රහසක්. ඒ නිසා තමාගේ සුනඛයාගේ බෝ වීමේ කාලයටට ඉඩ දීමෙන් පසුව වන්දයාකරණය කිරීම ගැන Dogs Trust පුණ්‍යායතනය මගින් උපදෙස් ලබා දුන්නත් බොහෝ අයිතිකරුවන් ඒ උපදෙස් අනුගමනය කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ.
නමුත් එයින් සුනඛයන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන අතර ඔවුන්ගේ සපා කෑම් නිසා මරණයට පත් වෙන පුද්ගලයන්ගේ ජීවිත සංඛ්‍යාවත් ඉහළ යන අවදානමක් ගොඩ නැගී තිබෙනවා. එසේනම් කිව යුත්තේ කුමක්ද…? සුනඛයෙකු හදා වඩනවා නම් නිසි රැකවරණය ලබා දෙන්න’ බිහි කරන පැටවුන් රැක බලා ගැනීමත් අයිතිකරුගේම වගකීමක්. බෝ කරන පැටවුන් පාරට දමා ඔබට අත පිස ගැනීමට හැකියාවක් නැහැ. සුනඛයාට ප්‍රජනන අයිතිය තිබෙනවා. බෝ කරන පැටවුන් වෙනුවෙන් රැකවරණය ලබා දීම සුනඛ හිමියන්ගේ වගකීමක්.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️