අවශ්‍ය ද්‍රව්‍ය
- ගී කෝප්ප 1/4
- කිරි මිලිලීටර් 120
- කිරිපිටි ග්‍රෑම් 250
- අයිසින් ෂුගර් ග්‍රෑම් 40
- චොප්කරගත් ආමන්ඩ් හා
- පිස්ටාචියො ඇට ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ට්‍රේ එකක බටර් ස්වල්පයක් තවරගෙන පසකින් තබන්න. පෑන් එකක් ළිප තියා ගී ස්වල්පයක් දමා රත්වූ පසු කිරි එකතුකර හොඳින් හැඳි ගාගන්න. මද වේලාවකට පසුව කිරිපිටි එකතුකරගන්න. තික් පේස්ට් එකක් එනකල් විනාඩි 5 ක් විතර හැඳිගාගන්න.
අඩියෙ නොඇලෙන තික් බැටර් එකක් ආවම අයිසින් ෂුගර් එකතු කරන්න. දැන් එක ගුලියක් වගේ එනකොට ළිපෙන් ඉවත්කර ට්‍රේ එකට දාලා තුනී කරගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියෝ ටිකක් ඉසගන්න. පැයක් පමණ ශීතකරණයේ තබා කෑළි කපාගන්න.