අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් මිලිලීටර් 500
- බිත්තර 5
- සුදු සීනි මේස හැඳි 2
- ලුණු තේ හැඳි 1/8
- එන්සාල් කුඩු තේ හැඳි 1/4
- වැනිලා තේ හැඳි 1 1/2
- බටර් ග්‍රෑම් 70
- සීනි ග්‍රෑම් 250
සාදාගන්නා ආකාරය
සාස්පානකට සීනි ග්‍රෑම් 250 එකතු කර හොඳින් කැරමල් කර ගන්න. ලිප නිවා බටර් එකතු කර දිය කර ගන්න. ෆ්‍රෙශ් මිල්ක් එකතු කර අඩු ගින්දරෙ හොඳින් කලවම් කරමින් කැරමල් ටික දිය කර ගන්න. කිරි මිශ්‍රණය හොඳින් නිවෙන්න හරින්න.
බෝල් එකකට බිත්තර එකතු කර විස්ක් කර එයට සීනි, එන්සාල් කුඩු, ලුණු සහ වැනිලා එකතු කර විස්ක් කරගන්න. හොඳින් නිවාගත් කිරි එකතු කර නැවත විස්ක් කරන්න.පුඩින් එක ස්ටීම් කරන භාජනයේ බටර් තවරා මිශ්‍රණය එකතු කර ගන්න.ෆොයිල් කොළයකින් ආවරණය කර විනාඩි 40 ක් පමණ හොඳින් ස්ටීම් කර ගන්න.