අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 100
- කෝන් පිටි ග්‍රෑම් 100
- අයිසින් සීනි ග්‍රෑම් 100
- බටර් ග්‍රෑම් 130
- වැනිලා තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
බෝල් එකකට බටර් එකතු කර හොඳින් බීට් කරගන්න. එයට අයිසින් සීනි එකතු කර ක්‍රීම් වෙන තුරු බීට් කරගන්න. වැනිලා සහ ලුණු එකතු කර හොඳින් බීට් කර පිටි වර්ග 2 හොඳින් හලා ගන්න. ටිකක් බීට් කර එකට එකතු වූ පසු අතින් ඩෝ එකක් වගේ හදා ගන්න. ගොඩාක් තද කරන්නෙ නැතිව ඉතාම සැහැල්ලුවෙන් සාදා ගන්න.
ශීතකරණයේ විනාඩි 15 ක් තියන්න. ඩෝ එක කොටස් 2 කට වෙන් කර සිලින්ඩර හැඩයට සාදා සමාන කොටස්වලට වෙන් කර බෝල සාදා තරමක් පැතලි කර ගන්න. පාච්මන්ට් කොලයක් උඩ ඒවා තබා ගැරුප්පුවකින් හෙමින් තද කර ගන්න.අංශක 180 ට ප්රීහීටි කරගත් අවන් එකේ විනාඩි 10 -15 ක් බේක් කර ගන්න.