අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් ග්‍රෑම් 110
- විපින් ක්‍රීම් මිලිලීටර් 120
- ෆ්‍රෙශ් මිල්ක් මිලිලීටර් 150
- බිත්තර 2
- පාන් පිටි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 80
- රස අනුව ලුණු
- බේකින් පවුඩර් තේ හැඳි 4
- බිත්තර 1
සාදාගන්නා ආකාරය
විපින් ක්‍රීම්, ෆ්‍රෙශ් මිල්ක් සහ බිත්තර හොදින් කලවම් කර ෆ්‍රිජ් එකේ විනාඩි 10 ක් පමණ තියන්න. බටර් ඉතා කුඩා කැබලිවලට කපා විනාඩි 10 ක් ෆ්‍රීස් කර ගන්න. විශාල බෝල් එකකට පාන් පිටි, සීනි, ලුණු සහ බේකින් පවුඩර් එකතු කර හොඳින් කලවම් කර ගන්න. එයට බටර් එකතු කර අතින් පොඩි කරමින් කලවම් කර පාන් කුඩු මෙන් සාදා ගන්න. එයට බිත්තර මිශ්‍රණය එකතු කර ගොඩාක් අනන්නෙ නැතිව හොඳින් කලවම් කර පිටි ඉස ගත් ලෑල්ලක් උඩට මිශ්‍රණය එකතු කරන්න.
දැන් යන්තමින් තද කර සියල්ල එකතු කරමින් ඩෝ එක සාදා ගන්න. අගලක ඝනකමට තුනී කර රවුම් කටර් එකකින් රවුම් කපා පාච්මන්ට් කොලයක් දැමූ බේකින් ටේ්ර එකක් උඩින් තියන්න. දැන් උඩින් බිත්තර සාරු තවරා ගන්න. සෙල්සියස් අංශක 220 ට ප්‍රී හීටි කරගත් අවන් එකක විනාඩි 15 – 30 ක් පමණ බේක් කරගන්න.