අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් පැකට් 1
- රස අනුව ලුණු
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- රම්පෙ
- සුදු ලූනු බික් 3
- ඉඟුරු කැබැල්ලක්
- තක්කාලි ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 4
- කරපිංචා ඉති 1
- මිරිස් කුඩු ස්වල්පයක්
- පොල් කිරි මිලිලිටර් 150
- තක්කාලි සෝස් මේස හැඳි 1
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/4
- මස් කරි කුඩු තේ හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
සෝයා තම්බාගෙන වතුර මිරිකා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.බැදගත් සෝයා බැදපු තුනපහ කුඩු, මස් කරි කුඩු, ලුණු දමා කලවම් කරන්න.වංගෙඩියට කරපිංචා, රම්පෙ, සුදු ලූනු, ඉඟුරු දමා කොටාගෙන පේස්ට් එකක් සාදාගන්න.
තෙල් රත් වූ පෑන් එකකට සාදාගත් පේස්ට් එක සහ ලූනු එකතුකර බැදගන්න. තක්කාලි, සෝයා ටික, මිරිස් කුඩු, අවශ්‍ය නම් ලුණු දමා බැද ගන්න. පොල්කිරි එකතුකර හැදිගාමින් පිසගන්න. හිඳුනු පසු තක්කාලි සෝස්, මිරිස් කරල් එකතුකර ගන්න.