අවශ්‍ය ද්‍රව්‍ය
- රයිස් නූඩ්ල්ස් ග්‍රෑම් 400
- බැදගත් කුකුල් මස් ග්‍රෑම් 200
- බිත්තර 4
- තක්කාලි සෝස් මිලිලීටර් 50
- ඔයිස්ටර් සෝස් මිලිලීටර් 20
- කෑළි මිරිස් ස්වල්පයක්
- කපාගත් ලීක්ස් ග්‍රෑම් 50
- කපාගත් කැරට් ග්‍රෑම් 50
- සීනි ග්‍රෑම් 5
- තෙල් මිලිලීටර් 30
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
සාදාගන්නා ආකාරය
නූඩ්ල්ස් තම්බා වතුර පෙරාගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසුව තම්බාගත් නූඩ්ල්ස් හැර ඉතිරි සියල්ලම දමා කලවම් කරගන්න. අවසානයට තම්බාගත් නූඩ්ල්ස් එකතු කරගන්න.