අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 3
- සීනි කෝප්ප 1/2
- වැනිලා ස්වල්පයක්
- ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි 1
- ස්ට්‍රෝබෙරි ගෙඩි7-8
- බ්ලූබෙරි ස්වල්පයක්
- හෙවි ක්‍රීම් කෝප්ප 1
- චොක්ලට් සෝස් හෝ මෙල්ට් කරගත් චොක්ලට්
සාදාගන්නා ආකාරය
බිත්තර සුදුමද ටික හොඳට බීට් කර ක්‍රීම් ඔෆ් ටාටාර් හා සීනි ස්වල්පය බැගින් දමා බීට් කරගන්න. දැන් මෙයට වැනිලා ස්වල්පයක් දමා ස්පැචූලා එකකින් කලවම් කරගන්න. සාදාගත් මිශ්‍රණය පයිපින් බෑග් එකකට දමා පාච්මන්ට් පේපර් එකකට රවුමට පයිප් කරගන්න. රවුම ඇතුලත් ෆිල් කරගන්න. මේ වගේ රවුම් 3 ක් හදාගන්න.
දැන් මේක සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වය යටතේ පැය 2 1/2 ක් බේක් කරගන්න. පළතුරු ටික කපාගන්න. හෙවි ක්‍රීම් එකත් ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න.
බේක් කරගත් මරැන්ග් ලේයර් එකක් උඩට හෙවි ක්‍රීම් ලේයර් එකක් දාගන්න. ඊළඟට චොක්ලට් සෝස් ටිකක් දාලා පළතුරු ටික තියාගන්න. මේ වගේ තව මරැන්ග් ලේයර් එකක් දාලා ක්‍රීම් හා චොක්ලට් සෝස් දාලා පළතුරු දාගන්න. මේ විදියට ඔයාට කැමති ලේයර් ගානක් හදාගන්න පුළුවන්. උඩින් චොක්ලට් ඉහලා කෑමට ගන්න.