ඔයා නිරෝගීව ඉන්න කැමතිද? එහෙමනම් පෝෂ්‍යදායි ආහාර වගේම දිනපතා ව්‍යායම් කිරීමත් හරිම වැදගත්. ඒත් බිසී ලයිෆ් එක නිසා ව්‍යායාම් කරන්න වෙලාවක් වෙන් කරන්න ඔයාට අමාරුද? එහෙම වුණත් ලස්සනට ඉන්න ඕන නම් අද ඉඳන් වෙලාවත් හොයාගෙන කම්මැලිත් නොවී ව්‍යායාම් කරන්න පුරුදු වෙන්න.
දිනකට විනාඩි දහයක්වත් ව්‍යායාම් කරන්න
ව්‍යායාමයක් පටන් ගෙන මට මේක කරන්න බැහැ කියල අතෑරල දාන්න එපා.ඉවසීමෙන් දිගටම ව්‍යායාම කළොත් නිරෝගීව ජිවත් වෙන්න පුළුවන්. ඒ නිසා දිනකට අවම විනාඩි දහයක්වත් ව්‍යායාම් කරන්න පුරුදු වෙන්න.
ඉලක්කයක් තිබීම දිගටම ව්‍යායාම් කරන්න හොඳ උත්තේජකයක්. ඔයා ව්‍යායාම් කරන්න කම්මැලි නම් විනාඩි දහයකින් පටන් ගන්න. 100% කැපවීමෙන් ඉල්ලක්කය සම්පූර්ණ කරන්න කැපවෙන්න.
කාලයත් එක්ක ව්‍යායම් කරන්න හුරුවෙනකොට ඉලක්ක කාල සීමාව වැඩි කරගන්න ඔයාට පුළුවන්. සෑම දිනකම ව්‍යායාම් කිරීමෙන් නම්‍යශීලී සැහැල්ලු ශරීරයක් ලබා ගන්න උදව් වෙනවා. එහිදී වේගයෙන් ඇවිදීම, කදු නැගීම, බයිසිකල් පැදීම, පිහිනිම වගේ ඔයාට කැමති ව්‍යායාමයක් තෝරාගන්න පුළුවන්.
කාලසටහනකට හුරුවෙන්න
ඔයා ව්‍යායාම් කරන්න කම්මැලි නම් කාලසටහනේ ව්යායම්වලට වෙලාවක් වෙන් වී නොතිබෙන්න පුළුවන්. ඒත් ව්‍යායම් කිරීමට තියෙන කම්මැලිකම නැතිකරගන්න කාලසටහන් උදව් වෙනවා. ඔයා දිනකට ව්‍යායම් කිරීමට අදිටන් කරන කාල සීමාවකාලසටහනේ දිනපතා වෙන් කිරීම ව්‍යායාම් කරන්න නැඹුරු කරවන හොඳ උත්තේජකයක්.
පෙර සූදානම තියාගන්න
ව්‍යායම් කිරීමට යාමේදී පෙර සූදානම් වීම වැදගත්. ව්‍යායාම් කිරීමට ගැළපෙන ස්ථානයක් තෝරගන්න. එම ස්ථානය ව්‍යායම් කරන්න සුදුසු විදියට සකසා ගන්න. ව්‍යායාම් කරන්න යන්න කලින් ව්‍යායම් බෑගය සූදානම් කරගන්න.
ඔයාගේ ෆෝන් එක හොඳට චාජ් කරගන්න. ඔයාට සතුටින් කැමතිම සින්දුවකට සවන් දෙන අතරේ ව්‍යායම් කරන්න ඒක හොඳ උත්තේජකයක්. මේ විදියට කලින්ම සූදානම් වෙන්න අවශ්‍ය නෑ කියල ඔයාට හිතෙන්න පුළුවන් ඒත් පෙර සූදානම නිසා ඔයාගේ ව්‍යායාම් කිරීමට තිබෙන කැමැත්ත වැඩි කරනව වගේම සාර්තක වෙන්නත් හේතුවක්.
හොඳ යාලුවෙක් හොයාගන්න
තනියෙන් ව්‍යායම් කරනවට වඩා තවත් යහළුවෙක් සමඟ ව්‍යායාම් කිරීම ව්‍යායාම්වලට නැඹුරු කිරීමට හේතු වෙනවා. කම්මැලි නැතිව විනෝදජනක ලෙස ව්‍යායම් කරන්න ඒක හේතුවක්. වඩා වැදගත් වන්නේ ව්‍යායාම් කරන්න ඔයා තෝරාගන්නා යහළුවාඊට උනන්දුවක් පවතින අයෙකු වීමයි.
ඔයා ගැනම සතුටු වෙන්න
තමන් ගැනම සතුටු වීම හොද අභිප්‍රේරණයක්. ව්‍යායාම් ඉලක්ක සම්පූර්ණ කර පසු තමන් ගැනම සතුටක් ඇති වීම සිදු වෙනවා. එය දිගුකාලීනව වයායාම් කිරීමට ඔයාව නැඹුරු කරනවා.
ව්‍යායාම් කීරීමේදී විනෝදයත් එකතුකරගන්න
ඔයා ව්‍යායම් කරන්න කලින් උදෙන්ම නැගිටින්න. ව්‍යායාම් කරන්න ඔයාට ගෙදරදි වුණත් පුළුවන්. ටීවී එකේ ඔයා කැමතිම වැඩසටහනක් බලන ගමන් ඔයාට ඇවිදීමේ යන්ත්‍රයක ඉඳන් ව්‍යායාම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමතින සින්දුවකට සවන් දෙන ගමන් ව්‍යායම් කරන්නත් පුළුවන්. දිගු කාලයක් ව්‍යායාම් කරන්න ඒක හොඳ උත්තේජකයක්.
ව්‍යායාම කරන්න ඕන තැනක් ඔට්ටුයි
ඔයාට දවස ඇතුළත කලින් සූදානම් නොවී ව්‍යායම් කරන්න පුළුවන් අවස්ථා හම්බෙන්න පුළුවන්. ඉක්මනට පහසුවෙන් යන්න පුළුවන් නිසා කඩේකට රෙදි ගන්න ගියත් ඔයා යන්නේ විදුලි සෝපානේ නේද? අද ඉදන් ඒ පුරුද්ද නැති කරගන්න.
පඩිපෙළේ යන්න පුරුදු වෙන්න ඔයා නොහිතුවට ඒක හොඳ ව්‍යායාමයක්. වීඩියෝ ගේම් ප්ලේ කරන්න කැමති නම් හිටගෙන කරන ක්‍රියාකාරී වීඩියෝ ගේම් කරන්න පුරුදු වෙන්න.
කෑම උයන විටබ්ලෙන්ඩරේ වෙනුවට වංගෙඩියක කොටන්න පුරුදු වෙන්න. එදිනෙදා ජීවිතයේ ඔයාට හමුවෙන මේ දේවල් මගහැරගන්න එපා.අද ඉදන් මේ දේවල් එකතුකරගෙන ව්‍යායාම් කරන්න පුරුදු වුනොත් වැඩි කල් නොගිහින්ම ඔයාට ලස්සනට නිරෝගීව ඉන්න පුළුවන්.
Yahoo life ඇසුරෙන්
පවනි දිලේකා ✍️