අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 2
- කහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
- පොඩි කුරුඳු කැබැල්ලක්
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- පොල්තෙල් තේ හැඳි 1
- පැණි හෝ මේපල් සිරප් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පෑන් එකකට කිරි ස්වල්පයක් දමා ළිප තියන්න. කහකුඩු, ගම්මිරිස්කුඩු, කුරුඳු පොතු, ඉඟුරු හා තෙල් එකතු කරගන්න. සියල්ල හොඳට කලවම් කරගන්න.උතුරගෙන එනවිට ළිප ඕෆ් කරල පැණි ටික දියකරගන්න. පෙරලා බීමට ගන්න.