අවශ්‍ය ද්‍රව්‍ය
- මිංචි කොළ ස්වල්පයක්
- කුරුඳු පොතු කෑල්ලක්
- කරාබු නැටි තේ හැඳි 1/2
- ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
- කරදමුංගු ඇට 4
සාදාගන්නා ආකාරය
වංගෙඩියට මිංචි කොළ, කුරුඳු පොතු, කරාබු නැටි, ගම්මිරිස් ඇට හා කරදමුංගු ටික දාලා හොඳට කොටාගන්න. පෑන් එකකට වතුර කෝප්ප 5 ක් දමා ළිප තියලා මේ මිශ්‍රණය දාලා හැඳිගාන්න. උතුරනකොට ළිපෙන් බාලා පෙරලා බීමට ගන්න.