අවශ්‍ය ද්‍රව්‍ය
- කුරුඳු කොළ 2
- තුල්සි කොළ 2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරදමුංගු ඇට 3
- ගම්මිරිස් තේ හැඳි 1
- කරාබුනැටි තේ හැඳි 1/2
- මී පැණි තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පෑන් එකකට වතුර කෝප්ප 4 ක් දාලා ළිප තියන්න. මී පැණි හැර අනිත් සේරම දාලා කලවම් කර විනාඩි 5 ක් වගේ උතුරවගන්න. දැන් මේක පෙරලා ටිකක් නිවුනම මී පැණි හැන්දක් දාලා බීමට ගන්න.