අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු කුරුඳු කැබැල්ලක්
- එන්සාල් 6
- ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
- කරාබුනැටි 4
- වතුර කෝප්ප 2 1/2
- තලා ගත් ඉගුරු මේස හැඳි 1
- තේ කොළ මේස හැඳි 3
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
- රස අනුව සීනි
සාදාගන්නා ආකාරය
කුරුඳු, එන්සාල්, ගම්මිරිස් සහ කරාබුනැටි ටිකක් තලා ගන්න. සාස්පානකට කුළුබඩු, ඉගුරු හා වතුර එකතු කර ගන්න. ඉහළ ගින්දරේ උණු වෙන මට්ටමට ගේන්න. විනාඩි 15 ක් ගින්දර අඩු කර පිස ගන්න. තේ කොළ, කිරි සහ සීනි එකතු කර පියන වසා විනාඩි 5 ක් පිස ගන්න. ඒ අතර විටින් විට හැඳි ගාන්න. ළිප ඕෆ් කර තවත් විනාඩි 5 ක් පියන වසා තබන්න.