මෙවරත් ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වළක්වා ගැනීමේ ජාතික සම්මන්ත්‍රණය ජාත්‍යන්තරයේ ද සහභාගීත්වය ඇතිව නොවැම්බර් 28, 29, 30 යන දිනයන්හිදි නෙළුම් කුලුණ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.රටක් වශයෙන් අපි තවමත් හදිසි අනතුරු වළක්වගන්න උත්සාහ කළත් හදිසි අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැහැ. එම නිසා හදිසි අනතුරු වළක්වා ගැනීම ගැන මීටත් වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා.
ඒ සඳහා මූලික වශයෙන්,
- හදිසි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු කිරීම,
- හදිසි අනතුරු නිසා සිදුවන මරණ පිළිබඳ සංවේදීතාව සමාජය තුළ ඉහළ නැංවීම,
උදාහරණයක් වශයෙන් පසුගිය සමයේ පැවති කොවිඩ් මරණ, ඩෙංගු මරණ පිළිබඳව මිනිසුන් සංවේදී වුවත් හදිසි අනතුරකින් මැරෙන පුද්ගලයන් ගැන සංවේදීතාව අඩු බවක් සමාජය තුළ දක්නට ලැබෙනවා.කළ හැකි වුවත් එසේ නොවීම කණගාටුවට කරුණක්.සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු වළක්වා ගැනීම පිළිබඳ කාර්යාංශය වශයෙන් අපට හදිසි අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පසුගිය කාලය පුරාම තදින්ම දැනුණා.
ඒ සඳහා අප ක්‍රියාත්මක වෙමින් කොළඹින් පිට සිදුවන හදිසි අනතුරුවලට ප්‍රතිකාර කිරීමේදී උදව් වන ප්‍රාථමික වෛද්‍යවරුන් කුඩා හා මධ්‍යම ප්‍රමාණ කොටස් වශයෙන් ගෙන පුහුණු කිරීම් ආරම්භ කළා. උදාහරණ විදිහට කොළඹින් දුරස්ථ පොළොන්නරුව නුවර වැනි ප්‍රදේශවල කුඩා රෝහල්වල සේවය කරන වෛද්‍යවරු සම්බන්ධ කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. ඉන් බලාරොත්තු වෙන්නේ හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීමේ වෛද්‍යවරුන් පිරිසක් රටේ දුරබැහැර ප්‍රදේශවලත් බිහිකිරීමයි.
ඒ මගින් දුර බැහැර දී හදිසි අනතුරුවලට ලක්වූ රෝගින් කොළඹට වැඩිදුර ප්‍රතිකාර සඳහා පැමිණීමේදී නිසි පරිදි ප්‍රතිකාර ලබාදීමෙන් සිදුවිය හැකි මරණ ප්‍රමාණය අඩුකර ගැනීමේ හැකියාව ඇති කිරීමයි. ලංකාවම ආවරණය කරමින් සෑම මාසයකම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුවයි.
සාමාන්‍යයෙන් කුඩා රෝහලකින් ප්‍රධාන රෝහලකට රෝගියෙක් මාරු කිරීමේදී පිළිවෙළක් පවතිනවා. මේ ක්‍රමයේදී අනවශ්‍ය ප්‍රමාදවීම් ඇති වෙනවා. ඒ සඳහා අපි National trauma transfer policy වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. එහිදී බලාපොරොත්තු වෙන්නේ ක්‍රමානුකූලව එක රෝහලකින් තවත් පහසුකම් වැඩි රෝහලකට රෝගියා මාරුකිරීම වෙනුවට කෙලින්ම ප්‍රධාන රෝහලකට රෝගියා ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමයි. එවිට විශේෂ අවධානයක් යොමු කළ යුතු රෝගින්ට ඉක්මන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
දැනට භාවිත කරන ක්‍රමවේදයන් හා උපකරණවලට අමතරව ලෝකයේ අලුත් බෙහෙත් වර්ග හා දියුණු ප්‍රතිකාර ගැන අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රුසියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල හදිසි අනතුරු ප්‍රතිකාර සම්බන්ධයෙන් පුහුණුව ලත් වෛද්‍යවරුන්ගෙන් පුහුණුවිම් හා උපදෙස් ලබාගනීම බලාපොරොත්තුවයි. එසේ කිරීම මගින් බහුවිධ අනතුරුවලට ඉක්මනින් ප්‍රතිකාර කරන්න පුළුවන්.
හදිසි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් නැති වුවත් හදිසි අනතුරකදී කළ යුතු දේ ගැන අවබෝධයක් ලබාදෙන්න සාමාන්‍ය ජනතාව සඳහා දුරස්ථ පුහුණුවක් මාධ්‍ය හරහා ලබාදීමේ බලාපොරොත්තුවක් ද අපට තියෙනවා. මන්ද යත් බොහෝ හදිසි අනතුරුවලදී මුලින්ම නිසි ප්‍රතිකාර ලැබුණ විට මරණය පවා වළක්වා ගත හැකි නිසයි.
හරින්දී ලියනගේ