අවශ්‍ය ද්‍රව්‍ය
- රටඉඳි ග්‍රෑම් 250
- කපාගත් ලූනු ග්‍රෑම් 75
- ඇට ඉවත් කරගත් මාළු මිරිස් ග්‍රෑම් 50
- පෙති කපාගත් කැරට් ග්‍රෑම් 100
- කපාගත් අන්නාසි ග්‍රෑම් 100
- අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 50
- සුදු ලූනු ග්‍රෑම් 50
- හකුරු ග්‍රෑම් 100
- රස අනුව ලුණු
- ගම්මිරිස්කුඩු මේසහැඳි 1
- කෑලිමිරිස් මේසහැඳි 1
- විනාකිරි ස්වල්පයක්
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
රටඉඳිවල ඇට ඉවත් කර කුඩා කැබලි සිටින සේ අඹරාගන්න. හකුරු ටිකත් ගාගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු සහ සුදු ලූනු දමාා බැදීගෙන එනවිට රටඉඳි හා හකුරු එක්කර මදගින්නෙ විනාඩි 5 ක් විතර අඩිය අල්ලන්නෙ නැතිවෙන්න හැඳිගාන්න. දැන් එයට ගම්මිරිස්කුඩ සහ ලුණු කුඩු එකතු කරගන්න. මෙම මිශ්‍රණයට විනාකිරි ස්වල්පයක් දම උකු මිශ්‍රණයක් වෙන්න හදාගන්න. අන්නාසි සහ කැරට් ටිකත් මේ මිශ්‍රණයට දමා තැම්බුනාට පස්සෙ අවසානයට මාළුමිරිස් ටික දාලා හොඳට කලවම් කරලා විනාඩි 3 කින් විතර ළිපෙන් බාගන්න.