අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කෝප්ප 1
- අමුමිරිස් කරල් කිහිපයක්
- රතු ලූනු ගෙඩි 5-6
- කරපිංචා
- රස අනුව ලුණු
තෙම්පරාදුව සඳහා
- ලියාගත් ලූනු ගෙඩි 1/2
- සුදු ලූනු බික් 3-4
- අබ මේස හැඳි 1/2
සාදාගන්නා ආකාරය
තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හැර ඉහත සියල්ලම පොල් සමඟ දාලා වතුර කෝප්ප භාගයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න. දැන් තෙල් ටිකක් ළිපේ තියලා රත්වෙනකොට අබ ටික එකතු කරගන්න. අබ පුපුරගෙන එනකොට ටිකකින් ලූනු හා සුදු ලූනු දාලා රන්වන් පාටට වෙනකල් තෙම්පරාදු කරගන්න. මේක බ්ලෙන්ඩ් කරගත් පොල් චට්නි එකට එකතු කරගන්න. අවසානයට දෙහි ඇඹුල් ටිකක් රස අනුව දාගන්න.