අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අන්නාසි ගෙඩි 1
- සීනි කෝප්ප 3/4
- විනාකිරි කෝප්ප 1/2
- අබ තේ හැන්දක්
- පොල් තෙල් ස්වල්පයක්
- වියලි මිරිස් කරල් 2-3
- කුරුඳු පොතු කෑල්ලක්
- රස අනුව ලුණු
- කෑලි මිරිස් තේ හැඳි 2
- එනසාල් 4-5
- කරාබු නැටි 3-4
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ භාජනයකට අබ දමාගන්න. මද වේලාවකට පසුව එනසාල්, කරාබුනැටි, කුරුඳු පොතු හා වියළි මිරිස් කරල් තරමක කෑලි කඩලා එකතු කරගන්න. මව වේලාවක පසුව කෑළි මිරිස් ටික දමා කලවම් කරන ගමන් වතුර කෝප්ප 1 ක් පමණ එකතු කර විනාකිරි හා සීනි දමාගන්න. සීනි හොඳින් දියවූ පසු උතුරගෙන එනවිට පොඩියට කපාගත් අන්නාසි කෑළි එකතු කරගන්න. අන්නාසි බෙරි වෙලා තෙත හිඳුනු උකු මිශ්‍රණයක් එනකම් පිසගන්න.