අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු දිවුල් ගෙඩි 2
- සීනි ග්‍රෑම් 500
- ලුණු කුඩු තේ හැඳි 1
- වතුර කෝප්ප 2
- එනසාල් කුඩු තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
පළමුව දිවුල් ගෙඩිවල මද සූරාගෙන එයට වතුර සහ සීනි එකතුකර බ්ලෙන්ඩර්කර ගන්න. පසුව ලුණු එකතුකර ගන්න. දැන් ළිප මත තබා හොඳින් උණුකර ගන්න. මිශ්‍රණය හොඳින් ඝන වූ පසුව ළිපෙන් ඉවත් කර එනසාල් කුඩු ස්වල්පයක් එකතුකර බෝතලයක අසුරා ගන්න. විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.