අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රෙට් කරගත් අමු අඹ ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 350
- වතුර කෝප්ප 4
- දෙහි මේසහැඳි 2
සාදාගන්නා ආකාරය
අඹ පොතු හැර ග්‍රෙට් කර පෑන් එකකට දමා ඒකට වතුර එකතු කර විනාඩි 15-20 තම්බා ගන්න. තම්බාගත් අඹ පොඩි කරලා පෙරා කෙඳි ඉවත් කරගන්න. පෑන් එකකට සීනි, පොඩි කරලා පෙරාගත් අඹ දමා ගන්න. මිශ්‍රණය උකු වෙනතෙක් හැඳි ගාන්න. දෙහි යුෂ එකතු කර විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තියන්න.