අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- ලුණු පින්ච් එකක්
- සීනි තේ හැඳි 3
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- බිත්තර 1
- බටර්මිල්ක් කෝප්ප 1/2
- එළවළු තෙල් තේ හැඳි 1/2
- වැනිලා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට සීනි, ලුණු හා බේකින් පවුඩර් දාලා කලවම් කරගන්න. වෙනම බෝල් එකකට බිත්තර, බටර්මිල්ක්, එළවළු තෙල් හා වැනිලා බීට් කර එකතු කරගන්න. හොඳට කලවම් කරලා කපාගත් ස්ට්‍රෝබෙරි ටිකත් දමාගන්න. දැන් මේ බැටර් එක වොෆල් අයන් එකට දාලා වොෆල්ස් හදාගන්න.