නීරෝගීකම පරම ලාභය වුණත් අපි කවුරුත් ලෙඩ වෙනවා. ඒ වගේම බොහෝ ලෙඩ රෝගවලින් අපි නැවත සුවය ලබනවා. ඒ අතර සමහර විට අපට ඇති වෙන ලෙඩ රෝග සම්බන්ධයෙන් අපි මේ විදිහට කියනවා. මේක නම් පූරුවේ කළ කර්මයක්… ඒ විදිහට කෙනෙක් සිතන විට තවත් අය මේ විදිහට කියනවා. අනේ කුරා කුහුඹුවෙකුටවත් කරදරයක් නැතුව සිටි කෙනෙක්. මේ වගේ කරුම ලෙඩක් හැදිලා දුක් විඳිනවා.
අපට ලෙඩ රෝග හැදෙන්නේ කර්මය නිසාද…?
අපට හැදෙන හැම ලෙඩ රෝගයක්ම කර්මයේ ගිණුමට එක් කරන්න බැහැ. උදාහරණයක් විදිහට උතු නියාම හෙවත් කාලගුණ වෙනස්කම් නිසා අපට ලෙඩ හැදෙනවා. මේ ගැන අපි කාටත් අත්දැකීම් තියෙනවා. සීත කාලගුණ තත්ත්වයේද අපට කැස්ස හෙම්බිරිස්සාව වගේ රෝග ඇති වෙනවා. උෂ්ණ කාලයේදී විවිධ උෂ්ණාධික රෝග ඇති වෙනවා. ඒවා කර්මය නිසා ඇතිවන රෝග තත්ත්වයන් නොවෙයි. ඒ වගේම ගමනකදී ඇති වෙන විඩාව, කුසගින්න, රස්නය, දූවිලි, ගමන් දුර නිසාත් යම් යම් රෝග අපහසුතාවයන් ඇති වෙනවා.
පෙර අකුසල් නිසාත් ලෙඩ රෝග හැදෙන්න පුළුවනි.අපට ලෙඩ රෝග හැදෙන්නේ පෙර අකුසල් නිසාද කියන තැනට බෞද්ධ ඉතිහාසයෙන් උදාහරණ පෙන්වන්න පුළුවනි. අනුරුද්ධ මහ රහතන්වහ්නසේගේ සහෝදරිය දරුණු කුෂ්ට රෝගයකින් පීඩා වින්දා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවැස් ඇති භික්ෂුන් වහන්සේලා අතරින් අගතැන් පත්ව සිටියා.
උන්වහනසේ සිය සහෝදරිය මේ තරම් දරුණු කුෂ්ට රෝගයකින් පීඩා විඳින්නේ ඇයිදැයි දිවසින් බැලුවා. එක් ආත්මයක මේ සහෝදරිය අග රජ බිසොවක්ව සිටියා. අන්තංපුරයේ තවත් බිසෝවරුන් සිටි නිසා මේ කාන්තාව ඔවුන් ගැන ඊර්ශ්‍යා සිතින් මෙම බිසෝවරුන්ගේ සිරුරේ කුෂ්ට රෝග තත්ත්වයක් ඇති වෙන විදිහට නිදි යහනට ශාඛ පත්‍ර දැම්මා. රජතුමා තමන් සතු කර ගැනීමේ අකුසල චේතනාවෙන් සිදු කරන ලද පව නිසා මේ කාන්තාව උපදින හැම ආත්මයකදීම කුෂ්ට රෝගයෙන් පීඩා වින්දා.
මෙම අකුසල කර්මයෙන් ඇය නිදහස් කරනු පිණිස ඇගේ ස්වර්ණාභරණ විකුණා ආරාමයක් පූජා කිරමට අනුරුද්ධ මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ අනුව ඇගේ අකුසල කර්මය දුරු වුණා. සමහර අවස්ථාවන්හිදී අප විසින් සිදු කරන ලද අකුසල කර්ම අප විසින්ම ගෙවා දැමිය යුතුයි. ඒ වගේම සිදු කරන ලද අකුසල කර්ම යටපත් විය හැකි කුසල කර්ම රැස් කළ යුතුයි.
අකුසල කර්ම රැස් කිරීමේදී අපේ චිත්ත චෛතසිකයන් ප්‍රධානයි. සමහර විට අපි මදුරුවෙක් මරණ විට සිතේ ඇති වෙන චිත්ත චෛතසිකයන්ට වඩා යම් තුවාලයක් වන තෙක් පුද්ගලයෙකුට පහර දීමේදී ඇති වෙන චිත්ත චෛතසිකයන් බලවත්. ඒ නිසා අපි කුසල හො අකුසලය කර්මයක් සිදු කරන විට අපේ “ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි…” හෙවත් කර්මය කිරීමේ චේතනාව වඩාත් ප්‍රබල වෙනවා.
හැම කර්මයක්ම අහෝසි වෙන්නේ නැහැ…
අප විසින් සිදු කරන කර්ම විපාක දෙන ආකාරය අනුව කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවනි.
දිට්ඨධම්මවේදනීය කර්මය
තමා විසින් කරන ලද කර්ම මේ ආත්මභාවයේදී විපාක දෙන කර්ම දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස හැඳින් වේ. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුසලකර්මය මෙලොවදීම විපාක දීමක් සිදු වේ. දිට්ඨධම්මවේදනීය කර්මය හැරුන විට බොහෝ කර්ම මෙම ආත්මභාවයේදීම විපාක නොදුන්නත් එම කර්ම පසු අවස්ථාවන්හිදී විපාක දිය හැක.
රජගහනුවර විසූ සුමන මාලාකාර තෙමේ බුදුරජානණ්වහන්සේට මල් පූජා කළ කුසලයෙන්කප් කෙළක් මුළුල්ලේ දුගතියකට නොගොස් දෙව් මිනිස් සැප කෙළවර සුමන නම් පසේබුදුව උපත ලැබුවා. දිට්ඨධම්මවේදනීය අකුසල කර්ම විපාක දීම
කෝකාලික හාමුදුරුවෝ දේවදත්ත ස්ථවිරයන් වහන්සේට ශ්‍රාවක වූ කෝකාලික නම් මහණ තෙමේ සැරියුත් සහ මුගලන් අගසව් දෙනම කෙරෙහි ඊර්ශ්යාවෙන් සිදු කළ අකුසලයන් නිසා එම ආත්මභවයේදීම පොළව පලා පදුම නිරයෙහි උපන්නා. :ධම්මපදට්ඨ කථා- භික්ඛු වග්ග)
උපපජ්ජ්වේදනීය කර්ම
දෙවන ජාතියේ එනම් මරණින් මතු ජාතියේ විපාක දෙන කර්ම උපපජ්ජ්වේදනීය කර්ම අපරාපරියවේදනීය කර්ම කර්මය කරන ලද ජාතියෙන් තුන්වන ආත්මයේ පටන් අවස්ථාව ලද විට කවදා හෝ දිනක විපාක දෙන කර්ම අහෝසි කර්ම අතීතයේදී විපාක නුදුන් කර්මද, මතුවට විපාක නොදෙන කුසල හෝ අකුසල කර්ම අහෝසි කර්ම යනුවෙන් හැඳින්වේ. අංඟුලිමාල මහරහතන් වහන්සේ විශාල වශයෙන් අකුසල බුදුරජානණ්වහන්සේටත් කර්ම විපාක දුන් අවස්ථාවන් තිබෙනවා.
බුදුරජාණන්වහන්සේ හිසරදයෙන් පෙලීම
එක්තරා ආත්මයක ධීවර ගමක ජීවත්වෙන කාලයේදී මසුන් මරණ ආකරය දැක ෂතුටට පත් විය. එහි විපාක වශයෙන් බුදුරජාණන්වහන්සේ හිසේරුජාවකින් පීඩාවට පත් බැව් ධම්මපද අටුවාවෙහි සඳහන් වේ.
පිට රුජාවෙන් පෙලීම
බෝධිසත්වයන්වහන්සේ එක්තරා ආත්මයක ඉතා ශක්ති සම්පන්න පුරුෂයෙකුව උපන්හ. අන් අයට වඩා මිටි වුවත් මලල්වපොර ඇල්ලීමට දක්ෂයෙක් විය. දිනක් තමාට වඩා හැඩි දැඩි මලල්වපොර ශූරයෙකු සමග පොර අල්ලමින් ඔහු බිම දමා කොඳු ඇට පෙළ බිඳ දැමීය.
රක්ත අතීසාරය වැළඳීම
පෙර ආත්මයක බෝසතාණන්වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙකුව සිටියදී එක්තරා සිටුවරයෙකුට වෙනත් ඖෂධයක් ලබාදී වමන විරේචන කරවන ලදී. එම අකුසලය නිසා “ලොහිත පක්ඛන්දිකා”( ලේ අතීසාරය ) වැළඳෙන ලදී.නමුත් අපට ඇති වෙන හැම රෝගාබාධයක්ම කර්මය නිසාම සිදු නොවන බව සඳහන් කළ හැකි වුණත් අපේ පෙර සිදු කරන ලද අකුසල කර්මයන් නිසාත් කායික රෝගාබාධයන්ට ගොදුරු වී විපාක විඳින අවස්ථාවන්ද තිබෙන බැව් සඳහන් කළ යුතුයි.
මේ අනුව අපට ලෙඩ රෝග වැළඳීම සිදු වෙන්නේ කර්මය නිසාම නොවන බව බුදුරජාණන්වහනසේගේ දේශනාවන් අනුව අපට පැහැදිළි වෙනවා. ලෙඩ රෝග නිවාරණය වෙනුවෙන් අපේ පුද්ගලික උනන්දුව අවශ්‍ය බැව් ඇත්ත. ඒ අතරේම වෛද්‍ය විද්‍යා සහ වෛද්‍ය තාක්ෂණය කොතරම් සංවර්ධනය වුණත් ඇතැම් රෝගාබාධයන් සුවපත් කිරීම බෙහෙවින්ම අසීරු බවට වූ සිදුවීම් ගැනත් සමාජයෙන් වාර්තා වෙනවා.
ධර්මදේශක පූජ්‍ය
අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්ස
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, බදුල්ල
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️