ජපානයේ ෆුජි ගිනි කන්ද එරට උසම කන්ද ලෙසින් වාර්තා වෙනවා. ටෝකියෝ නගරයට නිරිත දෙසින් පිහිටි මෙහි උස මීටර් 3776 ක් වෙනවා. මීට වසර 300 කට පමණ පෙරාතුව මෙම ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. ඒ අවසාන වරට ගිනි කන්ද විදාරණය වුන අවස්ථාව ලෙස වාර්තා වෙනවා. පැහැදිලි අහසක් ඇති දිනයකට ටෝකියෝ නගරයේ සිට මේ ගිනිකන්ද දැක ගන්නත් පුළුවනි.
ෆුජි කන්දට මුලින්ම හිමපතනයක් සිදු වුණේ 1884 වසරේදී බැව් වාර්තා වෙනවා. එතැන් පටන් පසුගිය වසරේ එනම් 2023 ඔක්තෝම්බර් මාසය වෙන තෙක්ම ෆූජි කන්දට හිමපතනය සිද්ධ වුණා. එදා මෙදා තුර සිදු වුණ මේ සිදුවීම නිසා 2014 වසරේදීත් ෆුජි කන්දට හිම වැටෙයි කියල හැමදෙනාම බලා සිටියා. නමුත් හැම දෙනාම බලාපොරොත්තු වුණ විදිහට ෆුජි කන්දට හිම වැටුනේ නැහැ.
මේ වසර ජපානයට උණුහුම් කාලයක්. මේ වසරේ ගිම්හානය ජපානයට වාර්තාගත උණුසුමක් වාර්තා වුණ කාලයක්. මෙහි සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 1. 76 ක් විදිහට වාර්තා වෙනවා. පෘථිවිය වටා වේගයෙන් ගමන් කරන ජෙට් වායු ධාරාව ( දකුණේ සිට පැමිණෙන උණුසුම් වාතය උතුරේ සිට පැමිණෙන සිසිල් වායුව හමු වූ විට) උතුරට බරව ගමන් ගත්තා.
ඒ නිසා ජපානය හරහා දකුණු දෙසට උණුසුම් වාතය ගලා යෑමට ඉඩ ලැබුන නිසා සැප්තැම්බර් මාසයේදී ජපානයේ උෂ්ණත්වය අපේක්ෂා කළ මටට්මටත් වඩා ඉහළ ගියා. ඔක්තෝබර් මාසය වනවිට සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ ගියා. ජපානයේ කාලගුණ විද්‍යා සංගමය විසින් පෙන්වා දෙන අන්දමට සමහර දිනයන්හි ජපානයේ අතිශයින්ම අධික උෂ්ණත්වයක් පැවැතුණා.
වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ෆුජි කන්දට හිමපතනය නොවන්නට ඇතැයි අනුමාන කළත් මේ ගැන නිශ්චිත ලෙසින්ම දැන ගැනීමට නම් උෂ්ණත්වයට අමතරව බලපාන්නට ඉඩ ඇති තවත් කරුණු ගැනත් අවධානය දැක්වීමට අවශ්‍ය බැව් කෝෆු ප්‍රාදේශීය කාර්යාලයේ කාලගුණ අනාවැකිකරුවෙකු වන යුටාකා කට්සුකා සඳහන් කරනවා.
A.F.P පුවත් ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️