සිරුරේ වැදගත්ම කොටස වන මොළයට ආහාර මගින් අවශ්‍ය පෝෂණය ලැබුණත් අයහපත් පුරුදු නිසා එයට හානි සිදුවිය හැකිය. ඔබ ඔබට ආදරය කරන්නේ නම් මොළය ගැනද සැලකිලිමත් විය යුතුය.
උදෑසන ආහාරය මගහරින්න එපා!
උදෑසන ආහාරය වැදගත් වන්නේ ඇයි? දවස ආරම්භ කිරීම සඳහා මොළයට සහ සිරුරට ඉන්ධන සපයන්නේ උදෑසන ආහාරයයි. එය නිතිපතා මගහැරීම නිදිමත ඇතිවීමට සහ රුධිරයේ සීනි අඩුවීමට හේතුවන අතර යමකට අවධානය යොමුකිරීමේ හැකියාව දුබල වෙයි. මෙය පුරුද්දක් වීමේදී මොළයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙන්ම නිසි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සංඥා අහිමි වෙයි. මෙය මොළය වර්ධනය වෙමින් පවතින අවස්ථාවේ ළමයින් සහ නව යොවුන් දරුවන් කෙරෙහි වඩාත් අහිතකර ලෙෂ බලපායි.
අහිතකර ආහාරත් අධික කෑමත් මගහරින්න!
දිගුකාලීනව මේදය අධික ආහාර ගැනීම තුළින් ධමනි ඝනවී මොළයේ රුධිර සැපයුම අඩුකරයි. එහෙත් ඔමෙගා-3 වැනි මේද අම්ල මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකරයි. එසේම දියවැඩියාව වැනි පරිවෘත්තීය ආබාධවලට තුඩුදෙන අධික සීනි භාවිතය මගින් Attention deficit hyperactivity disorder (ADHD) හෙවත් අවධානය හීන වීමේ අසාමාන්‍ය මට්ටමේ අධි ක්‍රියාකාරීත්වය සහ ආවේගශීලී හැසිරීම් ඇතිකළ හැකි රෝග තත්වයක් මතුවේ.
හොඳට නිදාගන්න!
මොළය නැවත ආරෝපණය කිරීමේ මාර්ගය නින්දයි. නින්ද නොමැතිකම කෙටිකාලීනව හෝ දිගුකාලීනය මොළයේවලට හානිකරන අතර මතකය නැතිවීම, අවධානය සහ තීරණ ගැනීම දුබලවීම ආදී ආබාධ මතුකරයි. එසේම පසුකාලීනව ඇල්සයිමර්, හීනෝන්මාදය (Schizophrenia)) සහ මනෝභාවයේ ආබාධ ( Mood disorders) ඇතිකරයි.
මත්ද්‍රව්‍ය ගැනීම විනෝදයක් නොවේ!
තාවකාලික විනෝදයක් ලැබූවත් කොකේන්, මරිජුවානා වැනි විවිධ මත්ද්‍රව්‍ය නිසා මනෝභාවය පාලනය කරන ස්නායු සම්ප්‍රේෂක වන Serotonin and dopamine වලට බාධාකරන ඇබ්බැහිකාරක ගුණාංග ඒවා තුළ ඇත. මේවාට ඇබ්බැහිවීමෙන් තීරණ ගැනීම හා සංජානන හැකියාවන් අඩාල කරන අතර සමහර විට කාංසාව සහ මානසික අවපීිඩනය ඇතිකරයි.
ව්‍යායාම නවත්වන්න එපා!
මානසික සෞඛ්‍යයට ව්‍යායාමය ඉතා වැදගත්ය. නියුරෝනවලට තමන්ව ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අවශ්‍යය Neuroplasticity එමගින් ප්‍රවර්ධනය කරයි.
සමාජ ඇසුර අවශ්‍යයයි!
උපතින්ම මිනිසා නිර්මාණය වී ඇත්තේ සමාජය හා අන්තර්ක්‍රියා සිදුකරමින් සෞඛ්‍ය සබඳතා ගොඩනගා ගැනීමටය. දිගුකාලීනව සමාජයෙන් බැහැරවීම සංජානන හැකියාවන් දුබල වීමට සහ මානසික අවපීඩනය සහ සංකාව පිළිබඳ අවදානමට හේතුවේ.
කැෆෙන් වැඩිය අහිතකරයි!
සුළු ප්‍රමාණයක් මොළයට හිතකර නමුත් කැෆෙන් සහිත බීම වර්ග අධික ලෙස පානය කිරීමෙන් මොළයේ ඇති ඇඩිනොසින් ප්‍රතිග්‍රාහක (Adenosine receptors) වැඩිවේ. එවිට අසාමාන්‍ය වෙහෙස සහ මන්දගාමී බවක් සිරුරට දැනේ. දිනකට කෝපි කෝප්ප දෙකක් පමණක් ප්රමාණවත්ය.
වතුර නම් නැතිවම බැහැ!
මොළයේ බොහෝ දුරට ජලය අඩංගුය. මේ නිසා මොළය වඩාත් කාර්යක්ෂම කිරිමට සහ දිගු කාලයක නැවුම්ව තබාගැනීමට අවශ්‍ය පමණට ජල පානය කිරීම යෝග්‍යයය’ දිනකට ජල ලිටර් දෙකක් පානය කිරීම යෝග්‍යයය.
මානසික විවේකය ගැන සිතන්න!
මානසික ආතතිය මොළයට හානි සිදුකරයි. මේ නිසා අසනීප අවස්ථාවල සහ විවේකය අවශ්‍යයයි සිතෙන විට වැඩ කිරීමන් සංජානන හැකියාවන්ට හානි වන අතර දිගු කාලීනව මොළයේ සෛල වලට හානි සිදුවිය හැකිය.
කියවීම නතර නොකරන්න!
මානසික ව්‍යායාමයක් වන කියවීම නිසා මොළය උත්තේජනය වෙයි. මතකය වැඩිදියුණු කරමින් සංවේදී බව වැඩිකරයි. විශේෂයෙන්ම වැඩෙන දරුවන්ග් නිර්මාණාත්මක චින්තනය පෝෂණය කරයි.
www.emedihealth.com ඇසුරෙන්
සුනිල් අල්ගම
අයහපත් පුරුදුවලටත් මොළයට හානි කරන්න පුළුවන්
Leave a comment