නිවසේ කෑම කාමරය කියන්නේ සුවිශේෂී ස්ථානයක්. නිවසේ සියලුදෙනා එකට එක්වන හා එක්වී ආහාර ගන්නා ස්ථානය බැවින් නිවසක් නිර්මාණයේදී එය වඩාත් නිර්මාණශීලීව සහ නිවැසියන්ගේ සිතැඟි පරිදි නිර්මාණය වීම වැදගත්. ඒ සදහා මූලික නිවාස සැලසුමේ සිටම ඔබ සැලකිලිමත්ව ඒ සදහා කටයුතු කළ යුතුවේ.
01. කෑම කාමර ස්ථානගත කිරීම
නිවසක් සැලසුම් කිරීමේදී, නිවසේ ආකෘතිය අනුව ඔබ විසින් සුදුසු අවකාශය තෝරාගත යුතුවේ. අතීතයේදී නම් නිවාස නිර්මාණයේදී කෑම කාමරය යනු, ආලින්දයෙන් වෙන් වූ කුස්සියට ආසන්නව පිහිටි වෙනම කාමරයක් ලෙස පැවතුනද, නවීන සමාජයේ නම් ඉදිවන නූතන නිවාස නිර්මාණවල ආලින්දය හා බද්දව පවතී. එයා අලින්ගේම කොටසක් වී ඇත කීවොත් නිවැරදි.
නාගරිකකරණය සමඟ කුඩා ඉඩමක ඉදිවන නිවාසවල තියෙන අවකාශය මැනවින් පවත්වා ගැනීම සඳහා සාලය හා කෑම කාමරය යන කොටස වෙන් නොවී එකම අවකාශයක ගෘහභාණ්ඩවලින් ස්ථානය නිරූපණය වීමක් පමණක් සිදුවේ. එසේම, සාලය හා කෑම කාමරය එකම අවකාශයක පවතිනවා මෙන්ම, open kitchen සංකල්පය අනුව, කෑම කාමරේටම විවෘත වූ මුළුතන්ගේද දැන් සමාජයේ බහුලව දක්නට ලැබේ.
ගෘහණියන්ගේ පවතින කාර්යබහුලත්වය නිසාම, ආහාර ලබාගන්නා කාලය තුළදී, අනෙක් අවස්ථාවලදීද, ගෘහණිය මුළුතැන්ගෙට කොටු නොවී, පවුල හා හොඳ බැඳීමක් පවත්වාගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් වේ. කෑම කාමරේට විවෘත වන ආකාරයට Bathroom හෝ Toiletවල දොරවල් නොතැබිම වඩාත් යෝග්‍ය වේ. පවුලේ අයගේ සනීපාරක්ෂාව ඔබ සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම එවැනි අවස්ථාවක ආහාර ගන්නා කෙනෙකුට අපහසුතාවයක් ඇති වීමට ඉඩ ඇත.
02. කෑම කාමරයේ ප්‍රමාණය…
කෑම කාමර අවකාශයේ ප්‍රමාණය තීරණය කිරීමත් ඔබ සැලසුම ඇඳීමට පෙර සිදුකළ යුතුයි. එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ කෑම මේසේ සිට ආහාර ගැනීම සඳහා ඔබ විසින් බලාපොරොත්තුවෙන් සාමාජිකයන් සංඛ්‍යාව. එම ප්‍රමාණයට අනුරූපව ඔබ විසින් කෑම මේසයක් තෝරාගත යුතුවේ. එනම් කෑම මේසේ සඳහා පුටු 4, 6, 8, යනාදී වශයෙන් තෝරාගන්න.
මෙහිදී ඔබ ඔබගේ අවශ්‍යතාව නිවැරදිව හඳුනාගන්න, අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයන් තෝරා ගැනීමෙන් වළකින්න. ඔබේ වැරදි සිතුවිල්ල ඔබගේ නිවසේ ප්‍රමාණය පවා වෙනස් කර මුදල් අපතේ යවයි. ඔබ තෝරාගත් මේසයට අනුරූපව එහි වාඩිවීම සඳහාද, කෙනෙක් වාඩිවී සිටින විට, ඊට පිටුපසින් ගමන් කිරීමට ප්‍රමාණවත් තරම් ඉඩක් පවතින ආකාරයට, ඔබේ කෑම කාමරේ ඉඩ තීරණය වෙයි.
03. ගෘහ භාණ්ඩ තෝරාගැනීම…
මෙහිදී පෙර කී පරිදි ඔබ බලාපොරොත්තු වන සාමාජිකයන් සංඛ්‍යාව මත මේසය ප්‍රමාණය හා පුටු සංඛ්‍යාව තීරණය කරගන්න ඔබට පුළුවනි. කෑම ගැනීමට අපහසුවක් නොවන පරිදි සම්මත උසකින් යුත් කෑම මේසයක් භාවිත කිරීම වඩාත් වැදගත් වේ. එමෙන්ම ඊට සරිලන පරිදි නිවැරදි උසකින් යුත් පුටුවක් ඔබ භාවිතා කළ යුතුයි.
කෑම මේසේ සඳහා ලී පුටු භාවිත කළද, මේ වන විට කොටසක් කුෂන් යෙදූ පුටු ද, සම්පූර්ණ කුෂන් පුටු ද භාවිත කිරීමට පෙළඹී ඇත. කෑම මේසය හා පුටු කිහිපයක් සමග එක් පසෙකට බංකුවක් යෙදීමද දැන් දැන් දක්නට ලැබේ. නිවසේ සංකල්පයට අනුව වඩාත් සුන්දර ලෙස හා අපහසුවකින් තොරව ආහාර ගැනීමට හැකි ලෙස ගෘහ භාණ්ඩ තෝරාගැනීමට ඔබට පුළුවනි.
04. ආලෝකය හා වාතාශ්‍රය…
නිවැසියන් කිහිපදෙනෙක් එක් වී වැඩි කාලයක් මෙම ස්ථානය ගත කරන බැවින් ඔවුන් සියලු දෙනා සඳහා අපහසුවකින් තොරව හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි මෙම ස්ථානය නිර්මාණය වීම ඉතාමත් වැදගත්. ඒ සඳහා ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය ලබාගැනීමට බිමටම ඇරෙන විශාල ජනෙල් භාවිත කිරීමට ඔබට පුළුවන්. නිවසේ ක්දමඑ ශ්රා එකක් පවතින අවස්ථාවකදී ඊට ආසන්නයේ කෑම කාමරයේ පිහිටීමද වඩාත් උචිත වේ.
කෑම හඳුනාගැනීමට සහ කෑම පැහැදිලිව පෙනීම සඳහාද හොඳින් ආලෝකය ලැබීම වැදගත් වේ. හොඳ සූර්යයා ලෝකයක් මෙම ස්ථානයට පතිත වීමෙන් අවකාශය තුළ පවතින බැක්ටීරියා හා විසබීජ ද විනාශ වි සනීපාරක්ෂාවෙන් යුතු පරිසරයක් නිර්මාණය වේ. මෙහිදී රාත්‍රී කාලයේදී ද කෘතිම ආලෝකය ලබා ගැනීමට කෑම මේසය උඩට ඉතාම ආසන්නව විදුලි ආලෝකයක් ලැබීම වඩාත් උචිතයි.
ඒ සඳහාම උස් පහත් කිරීමට හැකි ලෙස නිර්මාණය වූ Cout Yard වෙළඳපොලේ දක්නට ලැබේ. එමෙන්ම අවස්ථානුකූලව ආලෝක ප්‍රමාණය අඩු වැඩි කර ගැනීමට ද, හැකි බල්බ භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. එමගින් පවුල හා ආහාර ගන්නා මොහොත වඩාත් සොඳුරු හැඟීමක් ලෙස විඳගන්න ඔබට පුළුවනි.
05. වර්ණ භාවිත කිරීම…
වර්ණ භාවිත කිරීමේදී ඉතා අඩු ඉඩකඩක් පවතින අවස්ථාවකදී ඉඩකඩ ප්‍රමාණය වැඩිකර පෙන්වීම සඳහා සුදු වර්ණය හෝ වර්ණ භාවිත කිරීමට ඔබටට පුළුවන්. එමෙන්ම කෑම රුචිය වැඩි කරන සහ උද්යෝගිමත් වර්ණ මේ සඳහා ඔබට යොදා ගන්න පුළුවනි, කහ, රතු, තැඹිලි වර්ණ හා ඒ ආශ්රිත වර්ණ මේ සඳහා වඩාත් යෝග්‍ය වේ.
ඔබ තද වර්ණයක් හා සුදු වර්ණ භාවිත කරන්නේ කරන්නේනම් කැපී පෙනිය යුතු බිත්තියට තද වර්ණය භාවිත කරන්න ඔබට පුළුවනි, තද වර්ණ භාවිතා කරන බිත්තියට හොඳින් සූර්යයා ලෝකය වැටී එම ආලෝකය මගින් එම බිත්තියේ ලා වර්ණය ඔබේ සුදු බිත්ති මත දෘශ්‍යමාන වේ. එමගින් වැඩි අලංකාරයක් ඔබගේ කෑම කාමරයට ලබාගන්න පුළුවනි.
06. සුවිශේෂී කරුණු
A. කෑම ගන්නා අවකාශය හා විවෘත මුළුතැන්ගයක් ඇති අවස්ථාවකදී, එම ස්ථාන දෙක වෙන් කිරීම සඳහා, Bar Top එකක් යෙදීම ඔබට සිදුකළ හැකි අතර එහිදී උස පුටු යොදා ගනිමින් උදෑසන ආහාරය ගැනීම සඳහාද එම ස්ථානය යොදා ගන්න ඔබට පුළුවනි.
B. විවෘත මුළුතැන්ගෙයක් නොමැති අවස්ථාවකදී, කෑම කාමරය සඳහා Show Pantry එකක් එක් බිතියකට නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවන්. එහි දී Pantry Top Cupboard කොටස ඔබගේ අලංකාර භාණ්ඩ එකතුව තැබීම සඳහාද. යට කොටසට Sink එකක් සවිකිරීම මගින් ආහාර ගැනීමට පැමිණෙන අමුත්තන්ට එම ස්ථානයේදීම අත සෝදා ගැනීමට පහසුකම් සැලසීමට ඔබට හැකියි.
එමෙන්ම අතුරුපස හා වතුර වීදුරු තැබීමට Pantry Top එක යොදාගන්න පුළුවනි. පහළ තියන Pantry Cupboard කොටසේ අවශ්‍ය පිඟන් හා වෙනත් උපකරණය, Cutlery item ගබඩා කර තබා ගැනීමට ඔබට පුළුවන්.
C. Open pantry හෝ Show pantry කොටසක් හෝ නොමැති අවස්ථාවක වුවද, ආහාර ලබා ගන්නා අමුත්තන් සඳහා අත්සේදීමට කුඩා ස්ථානයක් නිර්මාණය කරගැනීමට හැකියාවක් ඇත්නම් එය වඩාත් යෝග්‍ය වේ.
D. කෑම කාමරයේ පිහිටි බිමටම විවෘත වන ජනෙල් මගින්, ඔබගේ මිදුල හා සම්බන්ධ වන කොටසේ නිවසෙන් පිටත සිට ආහාර ගැනීමට හැකි ස්ථානයන් (Outdoor dining area ) නිර්මාණය කරගැනීමට ඔබට පුළුවනි. කුඩා ඉඩ ප්‍රමාණයක් වුවද උත්සව අවස්ථාවකදී වැඩි දෙනෙක් දෙනෙක්ට එක්ව ආහාර ගැනීමටද, කෑම ගන්නා අවකාශය විශාල කර ගැනීමටද මෙමගින් ඔබට පුළුවනි.
E. කෑම මේසේ අලංකාරයය සඳහා ස්වභාවික මල් යොදා ගන්නේනම් ඒ සඳහා සුවඳ නොමැති මල් යොදා ගැනීමට ඔබ සැලකිලිමත් වන්න. මල්වල සුවඳට කෘමි සතුන් කෑම මේසයට පැමිණීමත් මලේ සුවඳ මගින් ආහාරයේ ඇති සුවඳ ඔබට නොදැනීම ඇති ඉඩත් එයට හේතුවේ.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
අර්චිත ඉඳුවර ✍️