ICE Age කිව්ව මම ඔයාලට මතක් වෙනවා ඇති ඔයාලගේ පාසල් කාලේ. හැම නිවාඩු මාසෙම සිරස නාලිකාව මගින් පෙන්නු ICE Age ගැන නොදන්න කෙනෙක් නම් නෑ. ඉතින් මන් ඔයාලට අරන් ආවේ මෙන්න මේ ICE Age මූවී සීරීස් එකේ අලුත්ම චිත්රපටිය ගැන තොරතුරුයි.
2002 දි මෙහි ප්රථම චිත්රපටය ICE Age එළි දැක්වීම සිදු වුණා. Ice Age ( The Meltdown) ලෙස දෙවන චිත්රපටය 2006 දී ද පසුව 2009 දි මෙහි තෙවන චිත්රපටය වන Ice Age( Dawn of the Dinosaurs) හතර වන චිත්රපටය Ice Age( Continental Drift) 2012 දි තිරගත විය. Ice Age( Collision Course) තිරගත වූයේ චිත්රපට මාලාවේ පස්වැනි චිත්රපටය ලෙසයි.
ඒ 2016 දී. ICE AGE කතා මාලාව සමග සම්බන්ද චිත්රපටයක් ලෙස The Ice Age Adventures of Buck Wild නිර්මාණය කරනු ලැබුවෙ 2022 දි. ඒ Buck චරිතය ප්රධාන කරගෙනයි.
මීට කලින් නම් කිව්වෙ මෙම චිත්රපට මාලාව පස්වෙනි චිත්රපටයෙන් අවසන් බව. හැබැයි දැන් නම් නිල වශයෙන්ම තහවුරු කරලා තියෙන්නෙ මේ චිත්රපටය නිර්මාණය කරනවා කියලා. ඒ වගේම 2026 දි එය සිනමාශාලාවලට නිකුත් කරන්න සුදානමින් ඉන්නවා කියලාත් තහවුරු කරලා තියෙනවා.
Manny චරිතයට දායකත්වය ලබා දෙන Ray Romano” Sid ට පන පොවන John Leguizamoවගේම ෘසැටද ට පන දෙන Denis Leary ආයේත් චිත්රපටය සමඟ එකතු වේනවා කියලා තමයි. අධ්යක්ෂකවරු නම් කියන්නෙ.
නිපුනි සම්මානි