ඉගෙනගෙන සාර්ථක වීමේ අවස්ථාවන් දරිද්‍රතාව ඇතුළු වෙනත් බාහිර දුෂ්කරතා විසින් අවහිර කරනු ලැබූවත් ඉගෙන ගැනීම් ආශාව අද ව්‍යප්ත වෙමින් පවතී. එහෙත් ඉගෙනගන්නත් ඉගෙනගත යුතුමය.
ව්‍යූහගත අධ්‍යාපන චර්යාවක් (A structured study routine)
නිසි කාල කළමනාකාරණයකින් යුතුව ව්‍යූහාත්මක කාලසටහනක ආධාරයෙන් කෙරෙන අඛණ්ඩ අධ්‍යාපනය ආතතියෙන් මුදවා ඔබ සාර්ථකත්වය කරා මෙහෙයවයි.
සුදුසු අධ්‍යාපන පරිසරයක්!
බාධා සහිත, අඳුරු පරිසරය කාර්ය සාධනයට බාධා එල්ල කරයි. ප්‍රමාණවත් ආලෝකය සහ වාතාශ්‍රය ප්රබෝධය සහ සංජාන ක්‍රියාවලිය (cognitive function) ඉහළ මට්ටමක පවත්වයි. පරිඝණකයේ අනවශ්‍ය ටැබ් සහ බ්‍රව්සර්ද වසා දැමීමට කටයුතු කරන්න.
ශ්‍රම ක්ෂමතා විද්‍යාව (Ergonomics)
මෙය සමස්ථ ඵලදායීතාව වැඩිකරයි. ඔබ මේසය, පුටුව ශාරිරික අපහසුතා ඇති නොකිරීමට වගබලා ගැනීම, පවුලේ ඡායාරූප හෝ කුඩා ශාකයක් ආදීය ආදී පෞද්ගලික රුචිකත්වයට අදාළ දේ පරිසරයට නිදහස් කිරීමෙන් නිසි අධ්‍යයන අවකාශයක් සෑදෙයි.
සක්‍රීය ඉගෙනුම් ක්‍රම ප්‍රගුණ කිරීම
නිර්දිශ්ට ග්රන්ථ සහ විෂය සටහන් අවංකව කියවමින් හා පාඩම්කරමින් කෙරෙන අධ්‍යයනයන් ඵලදායී නොවන බව පර්යේෂණ පෙන්වා දෙයි. සටහන් පසෙකින් තබා මතකයෙන් තොරතුරු සක්‍රියව සිහිපත් කරන්න. සංකල්ප ශබ්ද නගා හෝ ලිඛිතව පැහැදිලි කරන්න. එයින් ඔබගේ දැනීම ගැන පැහැදිලි විශ්වාසයක් ගොඩනංවයි.
ප්‍රමුඛතා පද්ධතියක්
ඉදිරි පැවරුම්, ව්‍යාපෘති සහ නියමිත් කාලසීමාවන් සඳහා ප්‍රමුඛත්වය දෙන ලැයිස්තුවක් සකස්තරන්න’ මේ ආරම්භය දිගටම පවත්වාගෙන යන්න. මේ සඳහා අන්තර්ජාලයේ ඇති Eisenhower Matrix හෝ ඒ හා ඉලක්ක කළමනාකරණය කරගැනීමේ යෙදවුමක් භාවිත කළ හැකිය.
Pomodoro Technique
මෙම ශිල්ප ක්රමයේ ඇති විනාඩි 25ක කාල පරාසයන් තුළ වැඩකිරීම සහ කෙටි විරාමයන් කරා යෑම මගින් අවධානය යොමුකිරීම ඉහළ නංවයි.
Minimize Multitasking : බහුකාර්ය අවම කිරීම
මතුපිටින් ඵලදායීතාවක් පෙනුනත් එකවර වැඩ කිහිපයක යෙදීමෙන් සංජානන කාර්ය සාධනය අඩුවෙයි. වරකට එක දෙයකට පමණක් අවධානය දෙන්න
ආධාරක පද්ධති (support systems)
ශාස්ත්‍රීය ජීවිතයේ අභියෝග ජයගැනීමේදී තනිවම යෑමේ පිළිවෙත අත්හරින්න. ශක්තිමත ආධාරක පද්ධතියක් සකස් කරගැනීම යෝග්‍ය පිළිවෙතයි. ඒ සඳහා සම වයසේ අධ්‍යයන කණ්ඩායම්, උපකාරක සහ පුහුණු පන්ති, විද්වතුන් හා ඇසුර හා උපදේශන සේවා, පවුලේ සහාය හැකි තරමින් ලබාගන්න.
ශාරීරික සහ මානසික යහපැවැත්ම
සාර්ථක ශිෂ්‍යයකු වීමට නම් ශාරීරික සහ මානසික සුවය ගැන අඛණ්ඩව සැලකිලිමත් වෙන්න. ඒ සඳහා විනෝදය, ව්‍යායාම සහ සැහැල්ලු සිතිවිලි පවත්වා ගෙන යන්න. සමබල ආහාරවේලක්, භාවනා ක්‍රම ඔබට උපකාරී වෙයි.
හොඳ නින්දක්
ශිෂ්‍යයකු පැය 7-9 අතර නින්දක් ඉලක්ක කරගැනීම සුදුසුය. හොඳ නින්දක් අඛණ්ඩව පවත්වාගෙන යෑම මගින් මොළයේ ශක්ති මට්ටම්, සංජානන ක්‍රියාවලිය සහ සමස්ත මනෝ භාවය වැඩිදියුණු කරයි.
මනස නැවත සකස්කරන්න
බැහැ යන වචනයට සමුදී එවන් අවස්ථාවල පුළුවන් යන හැඟීම ඇතිකරගන්න. කුඩා ජයග්‍රහණයක් වූවත් සමරන්න. අභියෝග ආසාවෙන් වැළඳගන්න. කාලයත් සමග ඔබ පැවැත්මේ වෙනස ඔබටම පැහැදිලි වනු ඇත. ඔබේ අධ්‍යාපන ගමන කිසිවකුට අවහිර කළ නොහැකි තත්වයක් උදා වේ. ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා. සාර්ථකත්වය ඔබ එන පෙරමග බලා සිටී.
https://www.collegenp.com ඇසුරින්
සුනිල් අල්ගම ✍️