අවශ්‍ය ද්‍රව්‍ය
- සැන්ඩ්විච් පාන් ගෙඩියක්
- හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- ලොකු ලූනු ගෙඩියක්
- මයෝනේස්
- අබ ක්‍රීම්
- ගම්මිරිස් කුඩු
- සලාද කොළ
සාදන ආකාරය
මුලින්ම පාන් පෙති දෙකක් අරන් ඒවයෙ ඇතුල් පැත්තෙ හොඳට මයෝනිස් ගාගන්න. ඊට පස්සෙ ඒකට අබ ක්‍රීම් එකත් ගාගන්න. දැන් මේකට ගම්මිරිස් කුඩු ඉසගන්න. ඊට පස්සෙ සලාද කොළ පෙති දෙකේම වෙන් වෙන්ව උඩින් තියලා තක්කාලි හීනියට පෙති කපලා අතුරගෙන ඊට උඩින් ලූනූ හීනියට පෙති වගේ කපලා තියාගන්න. දැන් අලිගැටපේර ගෙඩිය සුද්ද කර සිහින්ව පෙති කපා පාන් පෙත්තෙන් තියලා අනික් පෙත්තෙන් වහලා කෑමට ගන්න.