අවශ්‍ය ද්‍රව්‍ය
- ඉස්සන් ග්‍රෑම් 250
- සිහින්ව කපාගත් පාන් පෙති 16
- මාජරින් ග්‍රෑම් 50
- තක්කාලි සෝස් තේ හැඳි 2
- රස අනුව ලුණු
- කෝන්ෆ්ලා ස්වල්පයක්
- දෙහි යුෂ
- සෝයා සෝස් ස්වල්පයක්
- බිත්තර 2
- බැද ගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
ඉස්සන් වල්ගය හැර පොතු ඉවත් කර සෝදා ගන්න. ඒකට කෝන්ෆ්ලා, බිත්තර, සෝයා සෝස් එකතු කරලා පැය බාගයක් විතර සීසන් වෙන්න තියන්න. බඳුනකට තෙල් දාලා රත් වෙනකොට ඉස්සො ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊට පස්සෙ පාන් පෙතිවලට බටර් ගාලා ඒ මැදට ඉස්සො දාලා රසම රස සැන්ඩ්විච් එක හදාගන්න.