අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3ක්
- බටර් ග්‍රෑම් 20ක්
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු
- තෙල් ටිකක්
සාදන ආකාරය
භාජනයක් ළිපේ තියලා රත්වෙනකොට ඒකට තෙල් ටිකක් දාලා බිත්තරයක් කඩලා එකතු කරගන්න. ඊට පස්සෙ අනික් ද්‍රව්‍ය ටිකත් එක් කර හොඳින් කෑළි කැඩෙන විදියට හැඳිගාන්න. ඉන් පස්සෙ ළිපෙන් බාලා පාන් පෙතිවල බටර් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනික් පාන් පෙත්තෙන් වසන්න.