අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 10
- පාන්පෙති 10-12
- මාමලේඩ් මේස හැඳි 4
- ග්‍රේට්කරගත් දොඩම්පොතු කිහිපයක්
- දොඩම් ගෙඩි 2 ක යුෂ
- දෙහි ගෙඩියක යුෂ හා ග්‍රේට්කරගත් පොතු
- සීනි කෝප්ප 1/2
කස්ටඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1 1/4
- බිත්තර 2
- සීනි මේස හැඳි 2
- ෆ්‍රෙශ්ක්‍රීම් මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
අවන් එක සෙල්සියස් අංශක 180 ට ප්‍රී හීට් කර ට්‍රේ එකකට බටර් ගාගන්න. පාන්පෙතිවල බටර් හා මාමලේඩ් තවරා ත්‍රිකෝණ හැඩයට කපාගන්න. බෝල් එකකට දෙහි යුෂ, සීනි, දොඩම් යුෂ, දොඩම් හා දෙහි පොතු දාලා සීනි දියවෙනකල් විස්ක් කරගන්න.
දැන් පාන්පෙති මේ මිශ්‍රණයෙන් පොඟවලා බටර් ගාගත් ට්‍රේ එකේ අතුරාගන්න. බෝල් එකක් අරන් කස්ඩට් එකට අවශ්‍ය සියල්ලම හොඳට බීට් කරලා පාන්වලට උඩින් වක්කරගන්න. දැන් මේක සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.