බාල වයස්කාර දරුවන් පවා අන්තර්ජාලය වෙත ප්රවේශවීම අද වනවිට ගෝලීය වශයෙන් බරපතල තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. සෑම තත්පර භාගයකටම වරක්ම එක් දරුවෙකු අන්තර්ජාලය වෙත ප්රවේශවීමේ ප්රවනතාවයක් ගොඩනැfමින් පවතින අතර මෙය බරපතල අවදානමකට හේතු විය හැකි බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.
බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ තරුණ සහ දරාගැනීම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ Save the children නැමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් මේ පිළිබඳව අධ්‍යනයක් සිදු කළා. දරුවන්ගේ අන්තර්ජාලය ප්‍රවේශය නිසා ඔවුන් නොදැණවුත්වම නාඳුනන පුද්ගලයන්ගේ නුසුදුසු හෝ අනවශ්‍ය ඉල්ලීම්වලට යොමු වීමේ අවදානමක් තිබෙනවා.
ඒ වගේම මේ ගැන පැමිණිළි නොලැබෙන නිසා අනාගතයේදී අනවශ්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගැනීමේ අවදානම වැඩි වෙමින් තිබෙනවා. මේ නිසා එක්සත් රාජධාණියේ ඔන්ලයින් ආරක්ෂණ පනත මගින් අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තාක්ෂණික සමාගම්වලට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා.නමුත් මෙම නව නීති 2025 වසර වෙන තෙක් ක්‍රියාත්මක නොවීම නිසා අද පවතින තත්ත්වයට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබෙන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.
දරුවන් ආරක්ෂා කර ගන්න
එසේනම් දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් අපේ දරුවන් ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රමවේදයන් මොනවාදැයි යන්න හඳුනාගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. මානසික වශයෙන් දරුවන්ට අයහපත් බලපෑම් ඇති කරන හෝ නුසුදුසු අන්තර්ගතයන් අවහිර කිරීමට හෝ මග හැරීමට ( Filter) නිර්මාණය වී තිබුණත් මව්පියන් විසින් මේවා බහුලව භාවිතකිරීමක් සිදු වෙන්නේ නැහැ.
නමුත් මව්පියන් මේ අන්දමින් තමන්ගේ දරුවන් තාක්ෂණික මෙවලම්වලට මැදිහත්වීම හරහා කරුණු පහදා දීම සහ රීති මත පදනම් වුණ සීමා කිරීම් වැනි උපාය මාර්ගයන්ට කැමැත්තක් දක්වන බැව් Globle Kids Online සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මේ සඳහා සංස්කෘතික වෙනස්කම් බලපාන අතර ධනවත් යුරෝපීය සහ දකුණු ඇමරිකානු රටවල මව්පියන් කරුණු පහදා දී දරුවන් මුදා ගැනීමට කැමැත්තක් දැක්වුවත්, ඝානාව, පිලිපීනය සහ දකුණු අප්‍රිකානු රටවල මව්පියන් සීමාකාරී මැදිහත්වීම්වලට වැඩි කැමැත්තක් දක්වන බවත් මෙම අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා.
නමුත් මෙම උපාංග භාවිත කරන රටවල වුණත් දරුවන්ගේ අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම වෙනුවෙන් වූ භාවිතය 30% කටත් අඩු මට්ටමක පවතිනව බවත් දැන් හඳුනාගෙන තිබෙනවා.
එක්සත් රාජධානිය පදනම් කරගත් දැවැන්ත අන්තර්ජාල සමාගම් කිහිපයක් විසින් පිහිටුවන ලද Internet matters ආයතනයේ දෙමව්පිය පාලන මෙවලම් ලැයිස්තුවක් සහ ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව පියවරෙන් පියවර දැනුවත් කිරීම් සිදු කරන මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.
මේ වෙනුවෙන් වූ උදාහරණයක් ලෙස යූ ටියුබ් සහ “ ටික් ටොක් ” වැනි ජනප්‍රිය වේදිකාවන්හි දරුවන්ට නුසුදුසු තොරතුරු අවහිර කිරීමේ සම්භාවිතාව අඩු කිරීමට හැකියාව ඇති “ ළමා ” අවහිරතා යෙදුම් පරිශීලනයට ඉඩ තිබෙනවා.
ඒ වගේම ප්‍රධාන වෙබ් අඩවි භාවිත කරන වැඩිමහල් වයසේ දරුවන්ට වුවත් එම වෙබ් අඩවිය මව්පියන්ගේ අධීක්ෂණයට ලක් කළ හැකි ගිණුම් සකස් කිරීමට පුළුවනි. “ ෆේස් බුක් ” සහ මෙසෙන්ජර් වැනි යෙදුම් පවා මෙම විශේෂිත යෙදුම් යටතේ අධීක්ෂණයට ඉඩ තිබෙනවා.
නව යොවුන් වයසේ පසු වෙන දරුවන්ගේ ගිණුම් පෞද්ගලික කළ යුතුද යන්න තීරණය මව්පියන් සතුව පවතින බවත් මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඉන්ස්ටර්ග්‍රෑම් දෙමව්පිය පාලන උපාංගයන්හිදී දෛනික භාවිත කරන කාලය සීමා කිරීම, සැලසුම් කරන ලද කාලයක් ලබාදීම වැනි ක්රමෝපායන් අනුගමනය කිරීමට ඉඩ තිබෙනවා.
ජංගම දුරකථන සහ පරිගණකවල ඇති පාලන මෙවලම්…
ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන සහ ටැබ් පරිගණකයන්හිදී දෙමව්පියන්ට භාවිත කළ හැකි මෙවලම් සහ ක්‍රම තිබෙනවා. මෙම මෙවලම්වලට නිශ්චිත යෙදුම් වෙත ප්රවේශවීම අවහිර කිරීමට හෝ සීමා කිරීමට, තෝරාගත් අන්තර්ගතයන් සීමා කිරීමට, මිළදී ගැනීම් වැළැක්වීමට සහ බ්‍රවුස් කිරීම නිරීක්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.
ඇපල් සමාගම විසින් මේ සඳහ d screen Time විශේෂාංගය හඳුන්වා දී ඇති අතර ගූගල් සමාගම විසින් Family link විශේෂාංගය ලබා දී තිබෙනවා. “‘ Snapchat” සහ “Meta” සමාගම් විසින් දැනටමත් වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් අමතර ආරක්ෂාවක් ලබාදී තිබෙන අතරම දෙමාපිය පාලන මෙවලම් ගැනත් වැඩි අවධානයක් දක්වා තිබෙනවා.
යම් තරුණයෙකුට තමන්ට ආරක්ෂිත යැයි හැගෙන පරිසරයක වෙනත් අය සමග ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන අතර ප්රචණ්ඩත්වය අවුළුවන, සිය දිවි නසා ගැනීම දිරි ගන්වන, ස්වයං තුවාල හෝ ආහර ගැනීමේ අක්රමිකතාවයන්ට උනන්දු කරනවන අන්තර්ගතයන් ඇතුළත් කිරීමට එරෙහිව නීති පනවන අතර එවැනි නීති උල්ලංඝනය කරන්නන් ඉවත් කරන බැව් “Meta” සමාගම තරයේම සඳහන් කරනවා.
Netflix වැනි වෙබ් අඩවිවලින් අන්තර්ගතය filter කිරීමට දෙමව්පිය පාලන මෙවලම් සපයන අතර පරිගණක ක්‍රිඩා පාලක පුවරු සැකසීම ඔස්සේ දෙමාපියන්ට වයසට ගැළපෙන ක්‍රීඩා පමණක් සහතික කිරීම සහ පරිගණක ක්‍රීඩා මිළදී ගැනීමේදී කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
දරුවන් සමග කතා කරන්න …
අන්තර්ජාල ආරක්ෂාව සහ එය අවභාවිතයේ විපාක ගැන දරුවන් සමග කතා කිරීම ඉතාම වැදගත් බව එක්සත් රාජධානියේ NSPCC ආයතනය සඳහන් කරනවා. මේක බලන්න එපා යැයි තහනම් කිරීම ඉතාමත්ම නරක බැව් සරේ විශ්ව විද්‍යාලයේ පරිගණක ආරක්ෂණ විශේෂඥ මහාචාර්ය ඇලන් වුඩ්වර්ඩ් සඳහන් කරනවා.
එවිට දරුවන් විසින් VPN ( vertual private network) භාවිතයෙන් අනවශ්‍ය දේ වෙත ළගා වෙනවා. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ විස්තරවලින් ඒ වෙබ් අඩවියිට පිවිසෙනවා. 2023 වසරේ ජනවාරි මාසයේදී මාර්ක් සකර්බර්ග් විසින් අන්තර්ජාලය ඔස්සේ විලෙලෝපිකයන්ට ගොදුරු වුණ මව්පියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාග ඉල්ලා සිටියා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️