තමන්ට වගේම අනුන්ටත් පලදායී වෙන විදිහට තමන්ගෙ හොඳම වර්ෂන් එක ගොඩනගාගන්නේ කොහොමද කියන දේ බොහෝ දෙනකුට තියෙන බරපතළ ප්‍රශ්නයක්. හැබැයි ඔබ දන්නවද මේ හොඳම වර්ෂන් එක නිර්මාණය කිරීමේදී ඔබට දිනපතාම කරන්න තියෙන්නෙ ඉතාම සරල දෙයක්. තමන්ව ප්‍රතිනිර්මාණය කරගැනීම කියන්නෙ තව කෙනෙක්ට ඔබ ලව්වා කරවගන්න පුළුවන් දෙයක් නෙවේ. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ. එහෙම තමයි මේ ලෝකෙ තමන්ගෙ හොඳම වර්ෂන් එක නිර්මාණය කරගත්ත මිනිස්සු ඒ දේ නිර්මාණය කරගන්න සමත් වෙලා තියෙන්නේ. ඒ තවත් කාටවත් ඕන නිසා නෙවේ. තමන්ට ඕන නිසා.
අපි බොහෝ දෙනෙක්ට එවැනි වර්ෂන් එකක් නිර්මාණය කරගැනීම අත්‍යවශ්‍ය බව දැනෙනවා. ඒකට හේතුව අපිට යම් යම් ප්‍රතිපල වෙනස් කරන්නට අවශ්‍යයි. හැබැයි බොහෝ අවස්ථාවලදී අපි හොඳම වර්ෂන් එක නිර්මාණය කරගන්න එක පැත්තකින් මහන්සි වෙද්දි තවත් පැත්තකින් ඒ වර්ෂන් එක නිර්මාණය නොවීම සඳහා නොදැනුවත්මව වැඩ කරනවා.
තමන්ගෙ හොඳම වර්ෂන් එක නිර්මාණය කරගන්න මහන්සි වුණ මිනිස්සු ඒ වෙනුවෙන් කළේ මොනවද කියලා අපි බලමු. මේ ලෝකෙ මිනිස්සු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් සිනාසෙන මිනිස්සු. අනිත් කණ්ඩායම හඬන මිනිස්සු. හඬන මිනිස්සු තමන්ගෙ ජීවිතේ වෙමින් පවතින දේ පිළිබඳ කැමැත්තක් නෑ. හිනාවෙන ගොඩක් මිනිස්සු තමන්ගේ හොඳම වර්ෂන් එක හොයාගන්න සමත් වුණ මිනිස්සු.
තමන්ගෙ උපරිමය ක්‍රියාත්මක කරගන්නට සමත් වුණ අය තව අය ඉන්නවා. එයාලට තවමත් එයාලගෙ හොඳම වර්ෂන් එක හම්බෙලා නෑ. ඒ නිසා තමන්ගේ ජීවිතේට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත්වෙන්න බැරිවෙලා තියෙනවා. තමන්ගේ හොඳම වර්ෂන් එකට බලපාන්නේ තමන් හැදෙන වැඩෙන පරිසරය, ඇසුරු කරන්න ලැබෙන මිනිස්සු පමණක් නෙවේ ඊටවඩා වැදගත් දේවල් තියෙනවා.
ඔබ හිතන්න එකම පවුලක සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් ඉතාමත් හොඳ රැකියාවක් කරනවා. ඉතාමත් හොඳ ශරීර යෝග්‍යතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම හොඳ මිතුරන් ඇසුරු කරනවා. අනිත් සහෝදරයට රැකියාවේ ගැටලු ගොඩක් තියෙනවා. අතිරේක ආදායම් මාර්ගයකුත් නෑ.
ඇසුරු කරන්නට තරම් ඵලදායී මිතුරන් පිරිසක් නෑ. මේ එකම පවුලෙ අයියා සහ මල්ලිට ඇතිවෙලා තියෙන ඉරණම. මොකද්ද මෙහෙම වෙන්න හේතුව? ඇයි තමන්ට තමන්ගෙ හොඳම වර්ෂන් එක ලැබෙද්දි තව කෙනෙක්ට නොලැබෙන්නෙ? මේකට බලපාන එකම එක ප්‍රභල හේතුවක් තියෙනවා. ඒක තමයි ‘තෝරාගැනීම’ ඔබට ඔබේ හොඳම වර්ෂන් එකට පත්වෙන්න නම් ඔබ කළ යුතුව ඇති තෝරාගැනීම් කිහිපයක් තියෙනවා. මේ තෝරාගැනීමට පුළුවන් ඔබව හොඳම වගේම නරකම වර්ෂන් එක කරන්න.
උදාහරණයකට අපි ගමු, හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන පුද්ගලයෙක් තීරණය කරනවා තමන් තමන්ගේ ජීවිතේ ලබාගන්නෙ හොඳ ආහාර පමණයි කියලා. ඔහු තෙල්, සීනි, පිටි සියල්ල අඩු කරලා පෝෂ්‍යදායී ආහාර විතරක් ලබාගන්නවා. හැබැයි නරකම වර්ෂන් එකේ ඉන්න කෙනා හැමවිටම තෝරගන්නේ දිවට රස දැනෙන ආහාර විතරක් වෙන්න පුළුවන්. නමුත් හොඳ ආහාර පමණක් ගන්නා කෙනා දිගුකාලීනව අනුගමනය කරන ආහාර රටාව හා පුරුදු නිසා ඔහුට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම රසවත්භාවය පමණක් තෝරගත්ත කෙනා ගත්තොත් ඔහුට නිරතුරුව තමන්ගේ දිව පිනවීම අවශ්‍ය වෙනවා.
ඔහු ඒ අවශ්‍යතාවය වෙනුවෙන් දිනපතාම වැඩ කරගෙන යන නිසා කාලයක් ගිහින් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලද්දි තමන් අකමැති වර්ගයේ සිරුරක් තමන්ට ලැබිලා තියෙන බව දකිනවා. අන්න ඒ නිසා තමයි තෝරාගැනීම වැදගත් වෙන්නේ.
තමන්ගෙ හොඳම වර්ෂන් එක කරා යද්දි කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. තමන් දැන් ඉන්නෙ කොතනද? ඒ ඉන්න තැනින් ඉදිරියට යන්න තමන්ට අවශ්‍යයද කියලා ඔබම විමසා බලන්නට ඕනේ. මොකද ඔබ හොඳම වර්ෂන් එකක් හදන්න යනවා නම් පැහැදිලිවම පළමුවෙන්ම තේරුම්ගන්න ඕනෙ තමන් දැන් ඉන්න තැන ගැන තෘප්තිමත්භාවයක් තියෙනවද කියලා.
දිනපතා කරන දේවල් විනිශ්චය කරන්න
අපි කරන දේවල් දිනපතාම විනිශ්චය කරන්න ඕන. මොකද ඒවා පසුකාලීනව අපිට බලපාන නිසා. එදිනෙදා කරන තෝරාගැනීම්වල අවසන් පලය මොකද්ද කියලා දවස අවසානයේදී කල්පනා කරලා බලන්න. අපි පියවර කිහිපයක් ඉදිරියට යන්න ක්‍රියාමාර්ග ගත්තත් අනිත් පැත්තෙන් නැවතත් පැරණි තැනටම එන ක්රියමාර්ගත් ඒ හා සමානවම අපි අරගෙන තියෙනවා.
අපි හිතමු ඔබ මුදලක් ඉතිරි කරගන්න තීරණය කරනවා කියලා. මුදල් ඉතිරි කිරීම කියන්නෙ හොඳම වර්ෂන් එක බවට පත්වීම සඳහා අවශ්‍ය කරන හොඳ ක්‍රියමාර්ගයක්. මොකද පසුකාලීනව ඔබට මේ මුදල ආයෝජනය කරන්න පුළුවන්. මෙහිදී එක පියවරක් ඔබ හොඳම වර්ෂන් එක පැත්තට අරන් තියෙනවා.
අනිත් පැත්තෙන් ඔබට තියෙනවා නාස්තිකාර වියදම් රටාවක්. මේ වියදම් රටාව අයින් කරන්න ඔබ ක්‍රියාමාර්ග ගන්නෙ නෑ. එතකොට එක පැත්තකින් ඉතුරු කරද්දි තව පැත්තකින් ඒ මුදල් වියදම් කරන්න දෙයක් ඔබ හොයාගන්නවා. ධනාත්මක දෙයක් වෙද්දි සෘණාත්මක දේකුත් වෙනවා. ඒ නිසා හොඳම වර්ෂන් එක හොයාගෙන යද්දි පුළුවන් තරම් හොඳම තීරණ ගන්න. නරක තීරණ ගන්න එක අඩු කරන්න.
අභිප්‍රේරක,පුද්ගල හැකියා සංවර්ධන
පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️