මන් අද ඔයාලට අරන් ආවේ මේ වෙනකොට ලොව පුරාම අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙන Amaran මූවී එක ගැනයි. 2024 ඔක්තෝබර් 31 මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කළා. Amaran කියන්නේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණ වුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිවකාර්තිකෙ සහ සායි පල්ලවී.
ඉන්දියාවෙ නිර්භීත රණකාමියෙක් වුණ අශෝක් චක්‍ර ලාභී මේජර් මුකුන්ද් වරදරාජ්ගේ සැබෑ ජීවිත කතාව පදනම් කරගෙන. 2014 වසරේදී ඉන්දියාවේ ජම්මු , කාශ්මීරයේ ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී ඔහු මිය යන අතර 2015 දි ඔහුට Ashok Chakra සම්මානය ලැබි තියෙනවා. රට වෙනුවෙන් රටට ආදරය කරන සෙබලෙකුගෙ කැපකිරීම මේ චිත්‍රපටය මගින් පෙන්වා දී තිබෙනවා.
මුකුන්ද් – ඉන්දු ආදර කතාව, ආදරය වෙනුවෙන් ඇයගෙ කැපකිරීම් චිත්‍රපටය නරඹන අප සියල්ලන්ගේම නෙතට කදුලක් ගෙන ඒමට සමත් වෙනවා. Rajkumar Periasamy විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම අමරන් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලමින් කෝටි 320 කට වඩා අධික ආදායමක් උපයා ඇත.
සැබෑ ජීවිතයේ ඉන්දු වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස සේවය නිරත වෙයි. Amaran යනූ ආදරය, ප්‍රේමය, සෙනෙහස, කැපකිරීම්, එඩිතරකම, දේශප්‍රේමය වගේ එකී මෙකී නොකී නෙක නෙක භාවයන් ගැබ් වෙලා තිබෙන විශිෂ්ඨ ගනයේ සිනමා නිර්මාණයකි.
නිපුනි සම්මානි ✍️