රුධිරවාහිනී ආශ්රිත තුවාල සිදුවීමට ඉඩකඩ ඇති හදිසි අනතුරු මොනවාද…?
හදිසි අනතුරු ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම අනතුරුවලට ලක්වෙන්නේ රටේ ආර්ථිකයට උදව් කරන පිරිමි පාර්ශවයයි. මෙය ප්‍රතිශතයක් වශයෙන් 90% ක ප්‍රමාණයක්. ඒ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 36 ත් 40 ත් අතර අය බව හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් අනුරාධපුරය වැනි ප්‍රදේශවල පිරිමින් බහුලව අනතුරුවලට ලක්වන එක් හේතුවක් වන්නේ සතුන්ට අටවන උගුල් වෙඩි වැරදී පත්තුවීමයි.
මෙවැනි අනතුරකදී රෝගියාගේ කකුල් කපාදැමීමට සිදුවනවා. එමෙන්ම කඩු වැනි තියුණු ආයුධවලින් පහරදීම්, කර්මාන්තශාලා ආශ්රිත උපකරණ නිසා සිදුවන අනතුරුවලින් රුධිර වාහිනීවලට වැඩි වශයෙන් හානි සිදුවිය හැකියි. මේ සෑම අනතුරක්ම වළක්වා ගැනීමට හැකි ඒවා. ශ්‍රී ලංකා ජාතික රෝහලට හදිසි අනතුරු නිසා ඇතුළත් කරන රෝගීන්ගෙන් 1.6% සිට 4% ක් දක්වා ප්‍රමාණයක් ධමනීන් ආශ්රිත තුවාල සිදුවූ රෝගීන් බව දත්ත මගින් හඳුනාගෙන තියෙනවා.
ධමනීන් ආශ්රිත අනතුරක් වී ඇති බව දැනගන්නේ කෙසේද ?
ධමනියකට අනතුරක් සිදු වූවිට දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. අනතුරකින් ඇතිවූ කැපුම ගැඹුරු නම් අධික රුධිර වහනයක් ( Active bleeding ) සිදුවෙන බව දැකගත හැකියි. එසේ වෙනවා නම් එම රුධිර වහනය නිසාම එම රෝගියාගේ ජීවිතය අහිමි වෙන්නටත් පුළුවන්.
තවත් සමහර අවස්ථාවලදී රෝගියාගේ තුවාලය පිටතට නොපෙනුණත් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවෙමින් ශරීර අභ්‍යන්තරය ඉදිමෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී අවයවවලට රුධිර සැපයුම පවා අඩුවනවා. මෙවැනි තත්ත්වයන් රෝගියාට නොදැනුණත් වෛද්‍යවරයකුට මෙවැනි තත්ත්වයන්
හඳුනාගන්න පුළුවන්. රෝගියාගේ නාඩි නැවතීම සහ අදාළ ප්‍රදේශය සීතල වීම වැනි රෝග ලක්ෂණ මඟින් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන බව වෛද්‍යවරයා හඳුනා ගන්නවා.
උදාහරණයක් විදිහට නිවසේදී සහ ක්‍රීඩා පිට්ටනියේදී සිදුවිය හැකි දණහිස ප්‍රදේශය තුවාල වීමකදී ඒ බව රෝගියාට නොදැනුණත් දණහිසට පිටුපසින් ඇති ධමනියට හානිවීමට පුළුවන්. එවැනි අවස්ථාවකදී රෝගියා දින දෙක තුනක් මෙවැනි තත්ත්වයක් නොසලකා නිවසේ සිටියත් දින කිහිපයක් යන විට
රෝගියාට දණහිස පමණක් නොව දණහිසට පහළ වේදනාව, ඇඟිලි සෙලවීම අපහසුතාව වැනි රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්. දණහිස පිටුපස ධමනියට හානිවීම නිසා ඇතිවන රුධිර සැපයුම අඩුවීමෙන් මෙවැනි රෝග ලක්ෂණ පෙන්වමින් ඇතැම්විට එම මාංශ පේශි පවා මිය යන්න පුළුවන්.
අත සහ පාදයට හදිසි අනතුරක් සිදු වූ විට ඒ පිළිබඳව තැකීමක් නොකළත් දින කිහිපයක් ගත වනවිට විවිධ අපහසුතාවයන් ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවකදී අත හෝ පාදය ඉදිමීමෙන්, ලේ සැපයීම අඩුවීමෙන් Compartment Syndrome තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අනතුරකින් පසුව යම් අපහසුතාවයන් ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවෙන්න.
අනතුරක් නිසා රෝගියාට බාහිර රුධිර වහනයක් සිදුවනවා නම් වහාම කළ යුත්තේ එය වළක්වා ගැනීමයි. ඒ සඳහා තුවාලය තිබෙන ස්ථානයට සෘජු පීඩනයක් ලබාදීම වැදගත්. එසේ රුධිර වහනය නවතා ගැනීමට බැරි වුවහොත් රුධිර වහනය සිදුවන තැනට ඉහළින් Tourniquet එකක් දැමීමෙන් පහළ ප්‍රදේශයට රුධිර සැපයීම අවම කරගත හැකියි. ඒ නිසා Tourniquet එකක් නොමැති අවස්ථාවකදී ඒ වෙනුවට රෙදි පටියක් ආධාරයෙන් රුධිර සැපයුම අඩාල කළ හැකියි. ඒ සමඟින් රෝගියා ඉක්මණින් ළඟම පහසුකම් ඇති රෝහලට නිවරැදි ඉරියව්වෙන් රැගෙන ඒමයි කළ යුත්තේ.
රුධිරනාලවලට හානිවීමෙන් රෝගියාට ඇති විය හැකි බරපතළ තත්ත්වයන් මොනවාද…?
- අධික ලෙස රුධිර වහනය වීම නිසා ජීවිත හානි ඇතිවීම.
- අවයව ඉවත් කිරීමට සිදුවීම.
- පූර්ණකාලීන ආබාධිතයන් වීම.
- වෙඩි වැදීම, තියුණු ආයුධවලින් පහර දීම වැනි තත්වයන්වලදී ධමනී සහ ශිරා යන රුධිර වාහිනීවලට හානිවිය හැකිය.
මෙම ශිරා සහ ධමනීන් සම්බන්ධ වුවහොත් හෘද වස්තුව ආශ්‍රිතව ගැටලු ඇතිවිය හැක.
හදිසි අනතුරකදී රුධිර වාහිනී ආශ්රිත අනතුරකට ලක්වූ රෝගියකු ප්‍රතිකාර ලබා නිවසට ගිය පසුව රැක බලාගන්නේ කෙසේද ?
හදිසි අනතුරු නිසා වැඩියෙන්ම පාදයේ රුධිරවාහිනීවලට හානි සිදුවේ. එවැනි රෝගියකු අනතුරකින් පසුව ප්‍රතිකාර ලබා නිවසට ගිය පසුව රැකබලා ගැනීම ඉතාම වැදගත්. එහිදී අදාළ ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම, සායනවලට නියමිත දිනවලදී සහභාගි වීම අනිවාර්යෙන්ම කළ යුතුය.
ඒවා නොසලකා හැරීම නිසා රෝගියාගේ පාදයේ තත්ත්වය නරක අතට හැරිය හැක. ප්‍රතිකාර කිරීමෙන් පසුව රෝගියාට ලබාදෙන භෞත චිකිත්සකක ප්‍රතිකාර සහ ව්‍යායාම වෙනුවෙන් වූ වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුය.
තුවාලය රතු වීමක්, ලේ ගැලීමක් හෝ වෙනත් යම් වෙනසක් දුටුවොතින් එය නොසලකා නොසිට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් නොසලකා වෙනත් අත්බේත් ආදිය කිරීමෙන් තත්ත්වය බරපතළ විය හැකිය.
අනතුරු වළක්වා ගැනීම සඳහා සමාජයට ලබාදෙන පණිවිඩය කුමක්ද…?
බොහෝ අනතුරු වළක්වා ගත හැකි ඒවා. ඒ නිසා නිතරම ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සලසා ගන්න. මාර්ග නීති අනුගමනය කරන්න. වාහන පදවන විට, වහනවල ගමන් කරනවිට ආරක්ෂක පටි හෙවත් ීැ්එ ඊැකඑ පළඳින්න. මොටර් බයික් පදින විට හෙල්මටය ලොක් කර පළදින්න. අනතුරක් වූ විට හැකි ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වෙන්න.
හරින්දී ලියනගේ ✍️