2024 අප්‍රේල් මාසයේදී ජෝන් ඇල්ෆර්ඩ් ට්නිස්වුඩ් ලෝකයේ වයස්ගත පුද්ගලයා ලෙසින් ගිනස් වාර්තාවට එක් විය. 2020 වසරේදී ඔහු එක්සත් රාජධානියේ වයස්ගත පුද්ගලයා ලෙසින් නම් විය. 2024 වසරේ අප්‍රේල් මාසයේදී ඒ වනවිට ලෝකයේ වයස්ගත පුද්ගලයා ලෙසින් ගිනස් වාර්තා ලබා සිටි හුවාන් විසෙන් මෝරා ගේ අභාවයෙන් පසුව ලෝකයේ වයස්ගත පුද්ගලයා ලෙසින් ගිනස් වාර්තාවට එක් විය. හුවාන් හුසෙන් මිය යන විට වයස අවුරුදු 114 ක් විය.
1912 වසරේ අගෝස්තු 26 වන දින උපත ලද ජෝන් සවුත්පෝර්ට් 2024 වසරේ නොවැම්බර් 25 වැනි දින ඔහු නැවතී සිටි සාත්තු නිවාසයේදී මිය ගිය බැව් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දන්වා තිබෙනවා. ඇඩා සහ ජෝන් බර්නාඩ් ජෝන් ඇල්ෆර්ඩ් ට්නිස්වුඩ් ගේ මව්පියන් විය. දෙවන ලෝක සංග්රාම කාලයේදී රාජකීය ගිණුම් අංශයේ සේවයේ යෙදී සිට අවධියේ පටන් ජෝන් ගිණුම් සහ විගණන කටයුතුවලට අමතරව අතරමං වුණ සෙබළුන් සෙවීම සහ ආහාර සැපයීම වැනි රාජකාරිවල නිතර වූයේය. ලිවර්පූල්හි පැවැති උත්සවයකදී මුණ ගැසුන බ්ලොඩ්වෙන් නැමැති කාන්තාවක සමග 1942 වසරේදී විවාහ වුණ ජෝන් 1986 වසරේ ඇය මිය යන තෙක්ම ඉතා ප්රිතිමත් ජීවිතයක් ගත කළේය.
ඔහු රාජකීය තැපැල් සේවාවේ සේවය කළ අතර ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් යන සමාගම්වල ගණකාධිකාරිවරයෙකු ලෙසින්ද කටයුතු කරන ලදී.බී.බී.සී පුවත්සේවයට අදහස් දක්වමින් වරක් ජෝන් මෙසේ කියා සිටියා.
“මම තරුණ කාලයේදී ඉතාම ක්‍රියාශීලියි. නිතරම ඇවිදිනවා. සමහර විට මගේ දීර්ඝායුෂ ලැබීමේ රහසක් එය වෙන්නැති. නමුත් දිගු කාලයක් ජීවත් වෙනවාද…? කෙටි කාලයක් ජීවත් වෙනවාද කියන දේ මට හෝ ඔබට තීරණය කරන්න බැහැ.
ඔහු පාපන්දු ක්‍රිඩාවට බෙහෙවින් ප්‍රිය කළේය. ලිවර්පූල් පාපන්දු සංගමයේ 1901 සහ 1906 වසරේ ජයග්‍රහණය ලත් පළමු ලීග් ශුරතා දෙක හැර අනෙක් ජයග්‍රහණ 66 ම තමා සියැසින් දැක ගත් බැව් මහත් වූ අභිමානයෙන් සඳහන් කර තිබුණා. ”
ජෝන්ගේ පවුලේ සාමාජිකයන් ඔහු ගැන මෙසේ සඳහන් කරනවා. ඔහු බොහොම යහපත්. ඒ වගේම සංවාදශීලියි. ඉතා දක්ෂ ලෙසින් තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා. නිර්භීතයි. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකට සන්සුන්ව මුහුණ දුන්නා. ගණිතයට ඉතා දක්ෂයි.
ඔහුගේ විශ්‍රාම ජීවිතය ක්‍රියාශීලියි..ඒ වගේම ඔහු ඉතා ක්‍රියාශීලි විශ්‍රාම ජීවිතයක් ගත කළ අයෙක්. බ්ලන්ඩල් සෑන්ඩ්ස් එක්සත් රෙපරමාදු දේවස්ථානයේ කටයුතුවලදී මුල් තැන ගෙන කටයුතු කළේය. වැඩිහිටියෙකු ලෙසින් ස්වේච්ඡාවෙන් සේවය කළ අතර ගිහි දේශකයෙකු ලෙසින්ද සේවය සපයන ලදී.
සියවැනි උපන්දිනය…
ජෝන් ගේ සියවැනි උපන්දිනය සවුත්පෝර්ට් හොලිස් රෙස්ට් සාත්තු නිවාසයේදී පවත්වන ලද අවස්ථාවේ ඔහුගේ කරුණාව සහ ජීවිතය පිළිබඳව තිබුණ උනන්දුව මෙම නිවාසයේ හැම දෙනාගේ සිතේ ධනාත්මක බවක් ඇති කිරීමට හේතු වුන බැව් පවුලේ සාමාජිකයන් විසින් පවසා ඇත.
ඔහුගේ සියවැනි උපන්දිනයේ පටන් මිය යන තෙක්ම රාජකීය මාළිගාවෙන් ඔහුට උපන්දින සුබ පැතුමක් ලැබී තිබේ. පළමු සුබ පැතුම ජෝන්ට වඩා අවුරුදු 14 ක් බාල දෙවැනි එළිසබෙත් රැජිනගෙන් ලැබුන අතර මෑත උපන්දින සුබපැතුම චාල්ස් රජතුමාගෙන් ලැබී තිබේ.මේ විදිහට ලැබුන උපන්දින සුබ පැතුම් නිසා ඔහු බෙහෙවින් සතුටු වුණා. ඒ හැම දෙනාටමත් පවුලේ අය ස්තුතිය ප්‍රකාශ කරනවා.
ජෝන් ස්තුතියි කියන්න කැමැතියි…
තව දුරටත් අදහස් දක්වමින් පවුලේ සාමාජිකයන් මෙසේ සඳහන් කරනවා. ඔහු ස්තුතියි කියන්න කැමැතියි. එසේ නම් ඔහු රැකබලාගත් මේ සාත්තු සේවා ආයතනයේ සියළු දෙනාටම ජෝන් වෙනුවෙන් අපි ස්තුතියි කියනවා.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා