අවශ්‍ය ද්‍රව්‍ය
- පෝක් ග්‍රෑම් 500
- අබ ක්‍රීම් මේස හැඳි 4
- තක්කාලි ගෙඩි 3
- ලොකු ලූනු ගෙඩි 2
- මාළු මිරිස් කරල් 3
- සුදු ලූනු බික් 3-4
- චොප්කරගත් ඉඟුරු
- රම්පේ/කරපිංචා
- කුරුඳු පොතු කැබැල්ලක්
- විනාකිරි
- රස අනුව ලුණු
- ගම්මිරිස්කුඩු මේස හැඳි 2
- කහ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
පෝක් ටික පොඩි කෑලිවලට කපාගෙන විනාකිරි ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු අතගාලා මැරිනේට් වෙන්න පැයක් තියන්න. පෑන් එකක් අරන් තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් සුදු ලූනු හා ඉඟුරු දාලා බැදෙන්න අරින්න. දැන් මෙයට රම්පේ හා කරපිංචා දාලා මැරිනේට් කරගත්ත පෝක් ටිකත් දාලා ටිකක් ෆ්‍රයි වෙන්න හරින්න. පෝක් ටික තෙලෙන් තැම්බීගෙන එනකොට කපාගත් ලොකු ලූනූ, මාළු මිරිස්, තක්කාලි කපලා දාගන්න. ගම්මිරිස්කුඩු අවශ්‍ය තරම් දාගෙන අන්තිමට අබ ක්‍රීම් ටික දාගන්න. රස අනුව ලුණු එකතුකර ළිපෙන් ඉවත් කරගන්න.