අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත තරමක පෝක් කැබලි කිහිපයක්
- ක්‍රීම් චීස් කෝප්ප 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- ගාලික් පවුඩර් තේ හැඳි 1
- කපාගත් ලූනු කොළ කෝප්ප 1/4
- පිසගත් බේකන් කෝප්ප 1/2
- රස අනුව ලුණු ගම්මිරිස් කුඩු
බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- බිස්කට් කුඩු කෝප්ප 1
- ගසාගත් බිත්තර 2
සාදාගන්නා ආකාරය
පෝක්, ලුණු සහ ගම්මිරිස් කුඩු හැර ඉතිරි සියල්ල හොඳට කලවම් කරගන්න. පෝක් කැබලි ටික වෙන් නොවෙන විදියට දෙකට පලාගන්න. දැන් ලුණු හා ගම්මිරිස් කුඩු දාලා පැයක් විතර මැරිනේට් කරගන්න. පැයකට පසුව කලින් හදාගත් මිශ්‍රණය දෙකට පලාගත්ත පෝක් කෑල්ල මැදට පුරවගන්න. දැන් පෝක් කෑලි ටික පාන්පිටිවල තවරා බිත්තරවල දාලා බිස්කට් කුඩු තවරාගන්න. දැන් ගැඹුරු තෙලේ අඩු රස්නෙන් බැදලා ගන්න.