තරබාරුව ගැන දැන් සමාජයේ මනා වූ දැනුවත් බවක් තිබෙන නිසාම තමන්ගේ ශරීර බර නිසි අගයක තබා ගැනීමට හැමදෙනාම උනන්දුවක් දක්වනවා. ඒ වගේම බෝ නොවන රෝග බොහොමයකට තරබාරුව හේතු වෙන නිසාම තමන්ගේ ජිවිතයේ ආයු කාලය සුවසේ ලබා ගෙන මිය යන තෙක් ජීවත්වීමට නම් තම තමන්ගේ ශරීර බර වෙනුවෙන් පාලනයක් පවත්වා ගත යුතු බව සැම දෙනාම දන්නා දෙයක්. ඒ නිසා ආහාර පාලනය. ව්‍යායාම, නිවැරදි ජීවන රටාවක් අනුගමනය කරමින් ශරීර බර පාලනයට ගන්නා වූ උත්සාහය Yo Yo Effect යනුවෙන් හඳුන්වනවා.
තරබාරු බව ඔබටම දැන ගන්න පුළුවනි…
යම් පුද්ගලයෙකුගේ සිරුරේ අනවශ්‍ය ලෙසින් මේද තැන්පත්වීම නිසා බර වැඩි වෙනවා. මේ බව ඔබටම දැන ගැනීමේ ක්‍රමවේදය “ ශරීර ස්කන්ධ දර්ශකය ” (Body Mass Index) යනුවෙන් හැඳින්වෙනවා.ඔබේ සිරුරේ බර කිලෝ ග්රෑම්වලින් මැන ගන්න. උස මීටර්වලින් මැන ගන්න. මේ අනුව BMI= බර kg ÷( උස m උස m) මෙහි අගය අනුව ඔබ තරබාරු කාණ්ඩයට අයත්ද නැතිද යන්න ගැන තීරණය කර ගැනීමට පුළුවන්. මෙම අගය අනුව ඔබ තරබාරුද එහෙම නැත්නම් අවදානම් කණ්ඩායමේද බැව් ඔබටම තීරණය කර ගැනීමට පුළුවන්.
18.5-24.9 සාමාන්‍යයි
25-25.9 තරබාරු වීමේ අවදානමක් ඇත
30-34.9 තරබාරුයි
35-34.9 තරබාරුයි. දෙවන අදියරේ ඇත.
40 හෝ ඊට වැඩි නම් – අධික තරබාරුයි
තරබාරුවට හේතු ගැන කතා කිරීමේදී ඔබ විසින් ලබාගන්නා ආහාර ගැන කතා නොකරම බැහැ. එහෙත් මෙතැන ඇති ගැටළුව එය නොවේ. සමහර විට ඔබ ආහාර පාලනය කරමින් ශරීර බර පාලනය කරන අයෙකු විය හැකියි. ඒ අතරම ව්යායාමයන්හිත් යෙදනවා වීමට පුළුවන්. මේ සියල්ල තුළ ඔබේ ශරීර බර පාලනය වුණත් නැවතත් බර වැඩිවෙන ප්රවනතාවයක් ඇති වෙනවා.
බර පාලනය පවත්වා ගන්න බැහැ
මෙම සංසිද්ධිය අලලා ETH Zurich හි පර්යේෂකයන් පිරිසක් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. අපට ජාන හෙවත් DNA ලැබෙන්නේ පරම්පරාවෙන් වුණත්
Epigenetics විවිධ සාධක මත රඳා පවතිනවා.
විශේෂයෙන් පරිසරය, ජීවන රටාව සහ ආහර පුරුදු මත වෙනස් වුණත් කාලයක් පුරාම ස්ථායි අන්දමින් පැවතීමේ හැකියාවත් තිබෙනවා. පෝෂණ හා පරිවෘත්තීය Epigenetics පිළිබඳ මහාචාර්ය Ferdinand von Meyennගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම අධ්‍යනය සිදු කරනු ලැබුවා. මෙම කණ්ඩායමේ සාමාජිකාවක් වන Laura Hinte සඳහන් කරන අන්දමට සෛලයක ස්වරූපය සහ එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාවක් Epigenetics සතුව පවතිනවා. එවැනි මතකයන් නිසා තරබාරුව පාලනය කරන්න අප දරණ උත්සාහය වෙනස් වෙනවා.
yo yo effect සහ Epigenetic. yo yo effect සහ Epigenetics අතර පවතින අන්තර් සම්බන්ධතාවය මුල් කර ගෙන මීයන් යොදා ගත් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යනය Daniel Castellano සහ von Meyenn ගේ කණ්ඩායමේ නායකත්වයෙන් සිදු කරනු ලැබුවා. පර්යේෂකයන් විසින් මීයන්ගේ yo yo effect සඳහා බලපාන හේතු හඳුනා ගත්තා.
ඒ අනුව අධික බර සහිත මීයන්ගේ මේද සෛල ඉවත් කළ අතර ආහාර පාලනය මගින් ශරීර බර පාලනය කරනු ලැබුවා. මේද සෛලවල න්‍යෂ්ටියේ ආවේණික ලක්ෂණ අනුව නැවතත් තරබාරු වීමේ සීඝ්‍රතාවයක් ඇකි බැව් මෙම පර්යේෂකයන් විසින් හඳුනා ගත්තා. මේද සෛල මගින් අධික බර තත්ත්වය මතකයේ තබා ගෙන සිටින අතර නැවතත් මේද සහිත ආහාරයක් ගත් විට ශරීර බර වැඩිවීමේ ප්රවනතාවයක් ඇති වෙනවා.
මේ සඳහා විකල්පත් දැන් හඳුනා ගෙන තිබෙනවා..
එසේනම් අධික ශරීර බර තත්වයන් පාලන යසඳහා ඔවුන් දැන් විකල්පත් හඳුනා ගෙන තිබෙනවා. නමුත් එය අනාගතයට කල් තැබීමට සිදු වෙන බව Laura Hinte සඳහන් කරනවා. මේ වෙනුවෙන් අපි සෛල න්‍යෂ්ටියේ epigenetic ඇති ලකුණු සහ මතකය ඖෂධ මගින් වෙනස් කළ යුතු වෙනවා. නමුත් එය සිදු වෙන දිනයක් එළැඹෙන තෙක් අපි Epigenetic සතුව ඇති මතකය සමග ජීවත් විය යුතුයි. ඒ නිසා අපි ශරීර බර පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එවිට සංසිද්ධියට එරෙහිව අපට කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ පණිවිඩය දරුවන් සහ තරුණයන් වෙතත් දෙමව්පියන් වෙතටත් සන්නිවේදනය වීම වැදගත්.
නමුත් මෙය එකම විසඳුම නොවන බවත් ETH පර්යේෂකයන් සඳහන් කරනවා. අපි උපකල්පනය කරන අන්දමට තුළ ඇති Epigenetic මේද සෛලවල ඇති මතකය නිසා අප තරබාරුවට පත් වෙන බව මෙහිදී පෙනී ගියා. නමුත් මෙවැනි මතකයක් ඇත්තේ Epigenetic සෛලවලට පමණක් යැයි අපට තවමත් නිගමනය කිරීම අපහසුයි.
මොළය, රුධිර නාල වගේම වෙනත් අවයවන්හි ඇති මතකය ගබඩා වී තිබෙනවාදැයි අප තවම හඳුනා ගෙන නැහැ. ඒ නිසා තවමත් අපට කොච්චර බර පාලනය කරන්න උත්සහ කළත් නැවතත් බර වැඩිවෙනවා කියන චෝදනාවට epigenetic පමණක් වරදකරු බැව් කියන්න බැහැ.
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️