ගමේ දුප්පත්ම මනුස්සයා, සල්ලි නෑ කියලා නෑදෑයෝ කොන් කරපූ මනුස්සයා, කෝටිපතියෙක් වුණොත් කොහොම තියේවිද Lucky Baskhar කියන්නෙත් ඒ වගේ චිත්රපටයක්. බැංකුවක සේවකයෙක් වශයෙන් ඉන්න බාස්කර් කියන්නෙ අවංක සේවකයෙක්. කිසිම නරක වැඩකට සහයෝගයක් දක්වන කෙනෙක් නෙවෙයි. ඉතින් මෙයා හරිම දුප්පත්. පොලී මුදලාලිලා හැමතිස්සෙම මෙයාව හොයාගෙන එනවා.
බාස්කර් හිතාගෙන ඉන්නෙ එයාට උසස්වීමක් ලැබෙයි කියලා. එතකොට එයාගේ පඩිය දෙගුණ වෙලා ණය ගෙවාගන්න පුළුවනේ. හැබැයි එයාට උසස් වීමක් නම් ලැබෙන්නේ නැහැ. එතකොට තමා බාස්කර්ගේ අමුතුම සෙල්ලම පටන් ගන්නේ. මේ සෙල්ලමෙන් පස්සෙ බාස්කර් ලොකුම ලොකු කෝටිපතියෙක් වෙලා නවතින්නේ. මේ සෙල්ලම මොකක්ද බලන්න නම් ඔයාට Lucky Baskharබලන්න වෙනවා.
තෙළිගු චිත්රපටයක් වන මේ Lucky Baskhar හි ප්රධාන චරිතයට පණ පොවන්නේ Dulquer Salmaan. දැනට මේ චිත්රපටයට 8.1 IMDB අගයක් ලැබිලා තියෙනවා. අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Venky Atluri. දින තිස් තුනකදි ඉන්දියාවේ තිරගත වීමෙන් පමණක් කෝටි 73 ක් උපයා ගැනීමට සමත් වෙනවා. ලොව පුරා විකාශනයත් සමග කෝටි 114 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙනවා.
නිපුනි සම්මානි ✍️