අවශ්‍ය ද්‍රව්‍ය
- දියකරගත් බටර් ග්‍රෑම් 100
- ක්‍රැන්බරි සෝස් ග්‍රෑම් 100
- ගෝල්ඩන් සිරප් මේස හැඳි 2
- දුඹුරු සීනි ග්‍රෑම් 100
- බිත්තර 2
- පාන් පිටි ග්‍රෑම් 100
- මිශ්‍ර කුළුබඩු කුඩු මේස හැඳි 1
- වියළි පලතුරු ග්‍රෑම් 300
- පොතු ඉවත්කර ග්‍රේට් කරගත් ඇපල් ගෙඩි 1
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එහි ඇතුළත බටර් තවරා ගන්න. වෙනත් බඳුනකට ක්‍රැන්බරි සෝස් සහ ගෝල්ඩන් සිරප් දමා මිශ්‍ර කරගන්න. එයින් මේස හැඳි 2 ක් බටර් තවරාගත් භාජනයට දමන්න. තවත් භාජනයක් ගෙන එයට ඉතිරි සියල්ලම දමා හොඳින් මිශ්‍ර කරන්න.
මෙම මිශ්‍රණය බටර් තවරාගත් භාජනයට දමා පාච්මන්ට් කොළයකින් හොඳින් වසා ගන්න. පසුව අවන් එකේ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ විනාඩි 9 ක් පමණ බේක් කරගන්න. ඉවතට ගෙන විනාඩි 10 ක් පමණ නිවෙන්න හරින්න.