අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු අර්තාපල් 3
- චීස් ග්‍රෑම් 200
- රස අනුව ලුණු
- තෙල් මේස හැඳි 2
- මොසරැල්ලා චීස් ග්‍රෑම් 150
- පාස්ලි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අල හොඳින් සෝදා පොතු ඉවත් කර දිග අතට පෙති කපා ගන්න.ලොකු බේකින් ට්‍රේ එකකට තෙල් කොලයක් දමා චීස් ග්‍රෑම් 200 ක් දමා හොඳින් විසිරුවා ගන්න. අල පෙති ටික චීස් මත පිලිවෙලකට අතුරා ලුණු ස්වල්පයක් ඉසින්න.
බ්‍රශ් එකකින් තෙල් හොඳින් තවරා අවන් එක සෙල්සියස් අංශක 200 ට රත් කර විනාඩි 30 ක් පමණ බේක් කර ගන්න. දැන් මොසරැල්ලා චීස් ටික අතුරා උණුවෙන්ම රෝල් කරගන්න. උඩිනුත් චීස් එකතුකර පාස්ලි ඉස ගන්න. නැවත සෙල්සියස් අංශක 200 ක විනාඩි 10 ක් බේක් කරගන්න.