කැරමල් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 1/2
- වතුර කෝප්ප 1/4
කස්ටඩ් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- කිරි පිටි පවුඩර් කෝප්ප 11/2
- වතුර අවශ්‍ය පමණට
කේක් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කෝප්ප 3/4
- බේකින් පවුඩර් තේ හැදි 1 1/4
- කොකෝ පවුඩර් මේස හැදි 1 1/2
- බිත්තර 2
- සීනි කෝප්ප 1/4
- එලවළු තෙල් කෝප්ප 1/3 ජමච
- කිරි කෝප්ප 1/4
- වැනිලා තේ හැදි 1
සාදාගන්නා ආකාරය
කැරමල් එකට අවශ්‍ය ද්‍රව්‍ය පෑන් එකකට දමා රන්වන් පැහැය වන තෙක් උණු කර කැරමල් එක සදා අවන් එකට දමාගන්න. පසුව කස්ටඩ් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම බෝල් එකකට දමා විනාඩි 3 ක් පමණ බීට් කරගන්න.
පසුව කේක් එකට අවශ්‍ය වන කොකෝවා පවුඩර් සහ බේකින් පවුඩර් මිශ්‍ර කර තුන්වරක් පෙනේරයකින් හලාගන්න. භාජනයක් ගෙන එයට බිත්තර, සීනි, තෙල්, කිරි සහ වැනිලා එකතුකර විනාඩි 5 ක් පමණ හොඳින් බීට් කරගන්න.
බේකින් තැටියක් ගෙන මුලින්ම කැරමල් මිශ්‍රණය, දෙවනුව කස්ටඩ් මිශ්‍රණය සහ කේක් මිශ්‍රණය පිළිවෙලින් දමා ගන්න. තවත් තැටියක් ගෙන උණු කර ගත් වතුර දමා ඒ මත හෙමින් කේක් තැටිය තියන්න.
දැන් එය සෙල්සියස් අංශක 170 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 25 ත් 30 ත් අතර කාලයක් බේක් කරගන්න. බේක් වූ පසු පිටතට ගෙන විනාඩි පහක පමණ කාලයක් එළියේ තබා ශීතකරණයට දමන්න.
පැය තුන හතරකට. පසුව ශීතකරණයන් මෙය පිටතට ගෙන හෙමීට පිහි තලයකින් වටේ බුරැල් කර ලොකු ට්‍රේ එකක් ඒ මත තබා අනිත් පැත්ත හරවන්න. විනාඩි තුන හතරක් මෙලෙස තබා හිස් වූ කේක් තැටිය වෙන් කරන්න.