අවශ්‍ය ද්‍රව්‍ය
- සැන්ඩ්විච් පාන් පෙති 10
- සීනි කෝප්ප 2
- බිත්තර 2
- කිරි කෝප්ප 1 1/2
- වැනිලා තේ හැඳි 2
- කලරින්
සාදාගන්නා ආකාරය
පුඩින් එක හදන තැටියට බටර් ගාලා පැත්තකින් තියන්න. මුලින්ම පාන් ටික කුඩාවට කඩලා කිරිවල පෙගෙන්න හරින්න. බ්ලෙන්ඩර් එකට බිත්තර සහ සීනි දමා බ්ලෙන්ඩ් කරන්න. දැන් පාන් ටික දෙපාරකට එකතුකර බ්ලෙන්ඩර් කරගන්න. සාදාගත් මිශ්‍රණය භාජනයක දමා කොටස් දෙකතුනකට බෙදා වෙන වෙනම පොඩි කප්වලට දමා ඔබට අවශ්‍ය පාට මිශ්‍ර කරගන්න.
දැන් රවුම් තැටියක් ගෙන බටර් ගාගන්න. ඊළඟට ඔබට අවශ්‍ය පරිදි තැටියේ මැද සිට අවශ්‍ය පාටින් පුඩින් මිශ්‍රනය එකතු කරගන්න. දැන් මේ පුඩින් මිශ්‍රණය සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-30 අතර කාලයක් බේක් කරගන්න. බේක් වූ පුඩින් මිශ්‍රණය අවන් එකෙන් ගෙන ශිතකරණයට දමන්න.
මේ අතරතුර ඔබ ගත් ජෙලි හදලා නිවෙන්න හරින්න. ඔබ සදාගත් පාන් පුඩිම හොඳින් සීතල වූ පසු එළියට ගෙන ඔබ සදාගත් ජෙලි පුඩින් එක උඩින් කොටසක් දමා නැවත ශීතකරණයට දමා සෙට් වු පසු නැවත ගෙන අනික් ඉතිරි ජෙලි කොටස ගෙන දමා නැවතත් ශීතකරණයට දමා සෙට් කරගන්න. එලෙස ඔබ සදාග්ත් ජෙලි ප්‍රමාණය ඉවරවෙනතෙක් සාදාගන්න. ජෙලි හොඳින් සෙට් වූ පසු කස්ටඩ් පුඩින් එක සදා සාදාගත් පුඩින් එක උඩින් දමා රස බලන්න.