අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් කිරි කෝප්ප 2
- සීනි මේස හැඳි 5
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1 / 2
- ජෙලටින් තේ හැඳි 3
- වැනිලා එසන්ස් තේ හැඳි 1/2
- තේ කොළ තේ හැඳි 5
සාදාගන්නා ආකාරය
ජෙලටින් ටිකට වතුර මේස හැඳි දෙකක් පමණ දමා හොඳින් දිය කරගන්න. කිරි ටික භාජනයකට දමා එයට සීනි හා තේ කොළ දමන්න. දැන් මද ගින්නෙ ළිප තබා උතුරවා පියනකින් වසා විනාඩි දහයක් පමණ තබන්න.
පසුව කිරි ටික හොඳින් හැඳි ගා වෙනත් බඳුනකට පෙරා ගන්න. දැන් එයට අවශ්‍ය පමණ සිනි එකතුකරගන්න. මෙසේ සකස් කර ගත් කිරි කහට මිශ්‍රණයට ජෙලටින් දමා හොඳින් හැඳි ගාමින් ජෙලටින් ටික මිශ්‍රණයේ දිය කර ගන්න.
ෆ්‍රෙශ් ක්‍රීම් ටික කුඩා බඳුනකට දමා ගෑරුප්පුවකින් විනාඩි දෙකක් පමණ විස්ක් කර එයත් ටික ටික කිරි කහට මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයට වැනිලා එසන්ස් එකතු කරගන්න.
දැන් මේ මිශ්‍රණය කුඩා පුඩිං කප්වලට හෝ පුඩිං ට්‍රේ එකකට දමා පැය 8 -10 ක් පමණ ෆ්‍රිජ් එකක දමා හොඳින් කූල් කරගන්න. හොඳින් සිසිල් වූ පසුව චොකලට් පවුඩර් ටිකක් යන්තම් උඩින් ඉස පිළිගන්වන්න.