අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 250
- ගසාගත් බිත්තර 1
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ග්‍රෑම් 125
- අබ ක්‍රීම් මේස හැඳි 1
- අඔරාගත් ලූනු කොළ
- බිසබෙල් සෝස් මිලිලීටර් 650
- පෙති කපාගත් තක්කාලි ගෙඩි 4
- ග්‍රේට් කරගත් රතු චීස් ග්‍රෑම් 225
- ග්‍රේට් කරගත් බ්ලූ චීස් ග්‍රෑම් 60
- සූරියකාන්ත මල් ඇට මේස හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
ගසාගත් බිත්තරයට චෙඩාර් චීස්, බිසබෙල් සෝස්, අබ ක්‍රීම්, ලුනූ කොළ, ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න. බේකින් තැටියකට සෝස් ස්වල්පයක් අතුරා එයට උඩින් නූඩ්ල්ස් දමාගන්න.
එයට උඩින් සාදාගත් මිශ්‍රණය දමා චීස් හා සූරියකාන්ත ඇට අතුරාගන්න. අනතුරුව සෙල්සියස් අංශක 160 ක මිනිත්තු 25 – 30 කාලයක් බේක් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/chammi-imalka-1.png)