අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් ග්‍රෑම් 300
- ඔලිව් තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් හතු ග්‍රෑම් 250
- නිවිති ග්‍රෑම් 200
- එළවළු ස්ටොක් වතුර මිලිලීටර් 275
- දෙහි යුෂ තේ හැඳි 1
- සිහින්ව ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- ඔරිගානෝ තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
නූඩ්ල්ස් තම්බා පසෙකින් තබාගන්න. තෙල් රත් වූ බඳුනකට හතු එකතුකර රන්වන් පාටට බැදගත් පසු ඔරිගානෝ, නිවිති කොළ හා චීස් එකතුකරගන්න. හොඳින් පිසගත් පසුව නූඩ්ල්ස් දමා ලුණු හා ගම්මිරිස් එකතුකරගන්න.