අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් වට්ට්ක්කා ග්‍රෑම් 200
- රටකජු ග්‍රෑම් 50
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු බික් 2
- නැවුම් කිරි මිලිලීටර් 500
- වතුර මිලිලීටර් 200
- බටර් තේ හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
භාජනයකට බටර් එකතුකර සුදු ලූනු, ඉඟුරු, වට්ට්ක්කා හා රටකජු එකතුකර හොඳින් තෙම්පරාදු කර එයට වතුර දමා තම්බාගන්න. එම මිශ්‍රණය බ්ලෙන්ඩරයකට දමා එයට කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරගෙන ළිපේ තබා උතුරවාගන්න.